
තීක්ෂණ – හිරුෂි ආදර කතාවේ සුන්දරත්වය ගැන ඔබ අහලා ඇති. ඉතින් දිගු හැඬියාවකට පසු අපි හිරුෂිට කතා කළේ ඇගේ අලුත් විස්තර දැනගන්නයි. ‘ඉස්කෝලේ’ ටෙලිනාට්‍යයේ අනගි චරිතය හරහා ඔබට සමීප වන ඇයගේ අලුත් තොරතුරු ගැන ඇය කිව්වේ මේ දියට.
හිරුෂි කොහොමද කැදැල්ලේ උණුසුම?
ආදරයේ සුවය විඳිමින් අපි සතුටින් ඉන්නවා.
ඒ කැදැල්ලට වෙනසක් ගෙන ඒමට අදහසක් නැද්ද?
තියෙනවා. ඒක දැන්ම නෙවෙයි. තව පොඩි කාලයක් ඉන්න වෙනවා. අපි දෙන්නගේ අරමුණු ටිකක් තියෙනවා. ඒ සියල්ල ඉටුකරගන්න තමයි සැලසුම. දරු සුරතල් බලන්න මමත් ගොඩක් ආශාවෙන් ඉන්නවා.
ඔබේ ආදරණීය සැමියා තීක්ෂණත් පුංචි තිරයේ අපි දකිනවා?
ඔව්. ටෙලිනාට්‍ය කිහිපයකම රඟපෑවා. පසුගිය දවස්වල ජාතික රූපවාහිනියේ විකාශය වුණු මාරක සර්කස් ටෙලිනාට්‍යයේ රඟපෑවා. තව ටෙලිනාට්‍ය කිහිපයක් අධ්‍යක්ෂණය කළා. ඒ නිර්මාණ ඉදිරියේදී දැකගන්න පුළුවන්.
ආදරණීය සැමියාගේ නිර්මාණයකට සම්බන්ධ වෙන්න අදහසක් නැද්ද?
ගොඩ දෙනෙක් අහන දෙයක් ඕක. ඒත් තවම මම ඒ ගැන හිතලා නැහැ. හැබැයි ඔහුගේ සියලු වැඩකටයුතු සඳහා මගේ උපරිම සහාය දෙනවා. ඔහුත් මගේ වැඩකටයුතුවලට ශක්තියක්. අපි දෙන්නම එකමුතුවෙන් වැඩකටයුතු කරගෙන යනවා.
ඔබ නිරූපණය කරන අනගි අලුත් පාසලකට යන බව ආරංචියි?
ඔව්. අනගි චරිතය හරහා ඉදිරියේදී ලොකු වෙනසක් දකීවි. ඉස්කෝලෙ ටෙලිනාට්‍යයට තවමත් හොඳ ප්‍රතිචාර ලැබෙනවා.
ඉස්කෝලෙ නිසා අලුත් නිර්මාණයකට යන්න අදහසක් නැද්ද?
ඉස්කෝලෙ ටෙලිනාට්‍යයට සම්බන්ධ වෙලා සෑහෙන කාලයක් වෙනවා. අනගි චරිතයට මම ගොඩක් කැමැතියි. ඉතින් මම හිතාගෙන ඉන්නේ ඉස්කෝලේ ටෙලිනාට්‍යය අවසන් වෙනතුරු වෙන නිර්මාණයකට සම්බන්ධ වෙන්නේ නැහැ කියලා.
අලුත් නිර්මාණවලින් ආරාධනා ලැබුණද?
ආරාධනා නම් එනවා. ඒත් මගේ තීරණය සමග තමයි මම ඉන්නේ. මම ගොඩනගපු රාමුවක් තියෙනවා. ඒ රාමුව තුළ තමයි මම ඉන්නේ. චරිත ස්වභාවය වගේම චරිතයට අනුව අඳින ඇඳුම් ගැන මම විශේෂ අවධානයක් යොමු කරනවා. අඩනිරුවත් චරිත රඟපාලා ජනප්‍රිය වෙන්න මට කිසිම වුවමනාවක් නැහැ.
තීක්ෂණගේ ඔබ දැකපු සුවිශේෂ ගතිගුණ මොන වගේද?
ඔහු හොඳ සැමියෙක්. මාව ආදරෙන් රැකබලා ගන්න එක මට හොඳටම ඇති. ඒ වගේම ඔහු කෙළින් තීරණ ගන්න කෙනෙක්. මම ඒ ගතිගුණවලට ගොඩක් කැමැතියි.
පටන්ගත්ත අලුත් නැටිල්ල ගැන කතා කළොත්?
මම ගැහැනු ළමයින්ට විතරක් නැටුම් පන්තියක් පටන් ගත්තා. බොලිවුඩ්, උඩරට නැටුම් පුහුණු කිරීමට දැනටමත් කඩුවෙල, පානදුර, කළුබෝවිල පන්ති පවත්වාගෙන යනවා. මේ වසර අවසානයේ ප්‍රසංගයක් පවත්වන්නත් සූදානම් වෙනවා. ඒ වැඩකටයුතු සමග තමයි මම මේ දවස්වල ඉන්නේ.
වසන්ත විතාරණගේ
