නීරා නිසා මං ටිකක් බිසී හොඳේ - ශනුද්‍රි ප්‍රියසාද්

gossiplanka image 1
 ශනුද්‍රි ප්‍රියසාද් මේ දවස්වල හුඟක් බිසී කියලයි ආරංචිය. ඒකට හේතුව වෙලා තියෙන්නේ ‘නීරා’ ෆිල්ම් එකලු. හිතුවට වඩා ‘නීරා’ තරුණ කෙල්ලො කොල්ලො අතර හිට් වෙලා කියලා තමයි සෝෂල් මීඩියාවලින් එන නිවුස්වලින් දිගට හරහට කියැවෙන්නේ.


ඒ කියන්නේ ශනූ ගර්ල් ඉන්නේ මාර හැපි එකේ?

ඔව්. ශනු ගර්ල් හිතුවෙවත් නැහැලු මේ තරම් ප්‍රතිචාරයක් එයාට ‘නීරා’ එකට ලැබෙයි කියලා. නීරා කියන්නේ හරිම සුන්දර රොමාන්ටික් ෆිල්ම් එකක්. තරුණ රැල්ල පුදුම විදියට නීරාට ආදරය කරන්න අරන් තියෙන කාරණය ගැන ශනු ඉන්නේ මාර සතුටින්ලු.


‘යං ක්‍රවුඩ්’ එක විතරක් නෙවෙයි තරුණ වගේම වැඩිහිටි කාන්තාවොත් නීරා ෆිල්ම් එකට වශී වෙලාලු ඉන්නේ. සමහරු ඒක දෙතුන් වතාවක් බලන්න යනවලු. අපේ ශනුගේ අඬන සීන්වලදී එයාලත් අඬනවලු. ෆිල්ම් එක බලපු තරුණ කෙල්ලො ෆිල්ම එක බලන්න යන්න හදන එයාලගේ යාළුවන්ට කියනවලු මතක් කරලා ඇඬෙනකොට කඳුළු පිහින්න ටිෂූ පැකට් එකකුත් අරගෙන යන්නය කියලා.


‘අනේ ශනු ගර්ල්… ඔයා අඬන හැම සැරේටම අපිටත් හෝගාලා ඇඬුණා…’ කියලා ශනුගේ ඉන්ස්ටර්ග්‍රෑම් අනුගාමිකයෝ දහස් ගානක් ඇයට කමෙන්ට් කරලා තිබුණලු. ශනු කොහොමත් සෝෂල් මීඩියාවල හැමදාමත් ඉමේජ් එකක් වෙච්ච ලස්සන සුපිරි තරුවක්. ‘නීරා’ නිසා ඇගේ තරු ගුණය තවත් ඉහළ ගිහින් කියලා ඔන්න හැම තැනකම කතාවෙන්න අරගෙනයි තියෙන්නේ.


හැබැයි ඒ අතර පොඩි අවුලකුත් තියෙනවලු.

ඒ තමයි ශනු එක්ක ඇගේ ආදරණීය රසිකයෝ පොඩි අමනාපයකින් ඉන්න එක. අමනාපයට හේතුව ශනුගේ පහුවෙච්ච බර්ත්ඩේ පාටියේ ව්ලොග් එක එයා තවමත් දාලා නැති එකයි. පසුගිය සැප්තැම්බර් 08 වැනිදා තිබුණු ශනුගේ සර්ප්‍රයිස් පාටි එක හරි අපූරුවට තිබුණලු. නීරා ෆිල්ම් එක නිසා බිසී වුණු ශනුට ඒක එඩිට් කරන්න වෙලාව නැතිව ගියාලු.

‘හැමෝටම සොරි කියනවා ඔන්න. ව්ලොග් එක ඉක්මනට එඩිට් කරලා දානවා. නීරා නිසා මං ටිකක් බිසී හොඳේ…’


ශනු ගර්ල් එයාගේ අනුගාමික පිරිසට එහෙම මැසේජ් එකක් දාලා තිබුණේ ‘හාට්’ වැස්සක් එක්කලු.


මල්මි කෞෂල්‍යා

gossiplanka image 2
Previous Post Next Post