නොදන්නා රටකට තනියම ගිහින් අභියෝගයට මුහුණ දුන්නා -අංජානා හීනටිගල

gossiplanka image 1
 

පසුගියදා පිලිපීනයේදී ලක්මවට ජාත්‍යන්තර කිරුළු දෙකක් හිමිවුණා.එයින් Miss Teen Tourism International තරගය ජයග්‍රහණය කළේ අපේ අංජානා හීනටිගල. ඇය දැනට රංගන ක්ෂේත්‍රයේද කැපී පෙනෙන තරුවක් වන අතර නිරූපණය පිළිබඳ හදාරමින් ක්ෂේත්‍රයෙන්ද ඉහළට ගමනක් යමින් සිටී. ඇය ලැබූ ජයග්‍රහණය පිනිපලස සමග බෙදාගත්තා.




කොහොමද මේ දවස්වල වැඩකටයුතු ?




මේ දවස්වල නිරූපණය, රංගනය සහ අධ්‍යාපන වැඩකටයුතු සමබරව කරගෙන සතුටින් ඉන්නවා.




මුලින්ම ඔබේ ජයග්‍රහණයට අපි සුබ පතනවා.. ඒ ගැන විස්තර ටිකක් කියමු?




පසුගිය ජුනි මාසයේ miss teen sri lanka කියන පැජන්ට් එක තිබුණා. එයින් මම ජයග්‍රහණය කළා.පසුව Miss Teen Tourism International යන්න මට අවස්ථාව ලැබුණා.එය පැවැත් වුණේ පසුගිය ජූලි මාසයේ පිලිපීන්වල. මිනි පැජන්ට් කිහිපයක් තිබිලා අගෝස්තු වල තමයි ෆයිනල් තිබුණේ. ලංකාවේ පැජන්ට් එකෙත් මිනි පැජන්ට් කිහිපයක් තිබුණා.




තරගයේ ආරම්භයේ සිටම ජයග්‍රහණය පිළිබඳ විශ්වාසයක් ඔබට තිබුණද?




ඔව් මුල ඉඳන්ම වින් කරනවා කියන ටාගට් එකේ තමයි මම හිටියේ. ලොකු කම්පිටිෂන් එකක් තිබුණා. අන්තිම වෙනකන් කවුරු දිනයිද කියලා හිතා ගන්න බැරුවයි හිටියේ. මොකද හැමෝම දක්ෂ අය.වින් කරන්න ටාගට් එක තිබුණත් අන්තිම වෙනකම් මොකක් වෙයිද කියලා දන්නෙ නැතුවයි හිටියේ.




අංජානා Miss teen tourism international කියලා කියපු වෙලාවේ දැනුණු හැඟීම කොහොමද?




කියාගන්න බැරි සතුටක් තිබුණේ.මේකට සහභාගි වීම ගොඩක් කල් ඉඳන් තිබුණ සිහිනයක්.




තරගය පුරාවටම ඔබට තිබුණු අභියෝග කොයි වගේද?




මම කළින් පැජන්ට් කරලා තිබුණේ නැහැ. මේක මගේ පළවෙනි පැජන්ට් එක.පැජන්‍ට් එකක් වෙන්නේ කොහොමද කියලවත් මගේ අත්දැකීමක් තිබුණේ නැහැ. ඒ වගේම ගැහැනු ළමයෙක් විධියට නොදන්න රටකට ගිහින් මේ වගේ ලොකු තරගයකට තනියම මුහුණ දෙන එකත් ලොකු අභියෝගයක් වුණා. මම ඒකෙන් තේරුම් ගත්තා කෙල්ලෙක් කොල්ලෙක් කියලා වෙනසක් නොකර අපේ හිත් ශක්තිමත් කරගත්‍තොත් අපිට ඕනෑම දෙයක් කරන්න පුළුවන් කියලා.




පැජන්ට් එක පුරාවටම අමතක නොවන සිදුවීමුත් බොහොමයක් ඇති ?




හැමදෙයක්ම අමතක නොවන සිදුවීම් තමයි. ලංකාවේ පැජන්ට් එක මාස එක හමාරක් පමණත් පිටරට පැජන්ට් එක දවස් අටක පමණ කාලයක් පැවතුණා. ඉන්ටර්නැෂනල් පැජන්ට් එකේදී රටවල් ගොඩක් මුණගැහුණා.එයාලගේ ආවේණික සංස්කෘතින් ගැන දැන ගත්තා.එයාලගේ භාෂාවන් ගැන ටික ටික ඉගෙන ගත්තා. ඒ මුළු අත්දැකීමම ජීවිත කාලෙම අමතක නොවන අත්දැකීමක් කියලා මම හිතනවා.




ලක්මව වෙනුවෙන් ජාත්‍යන්තරය නිරූපණය කරද්දි දැනුණ හැඟීම කොහොමද?




පොඩ්ඩක් විතර බයක් දැනුණා. මම නිකම් පැජන්ට් එකකට නොවෙයිනේ ආවේ කියලා.අනික මෙතනදි මම නියෝජනය කරන්නේ මගේ රට.ඒ නිසා හැමෝම මම ගැන ලොකු බලාපොරොත්තුවක් තියාගෙන ඉන්නවා.මගෙ රට දිනවන එක මට ලොකු වගකීමක්.ඒ වගේම මම ලංකාව නියෝජනය කරනවනේ කියලා ලොකු ආඩම්බරයකුත් මට දැනුණා.




නිරූපණ ක්ෂේත්‍රයට පිවිසීම කුඩා කාලයේ සිටම අංජානාට පැවැති සිහිනයක්ද?




මම මුලින්ම ක්ෂේත්‍රයට ආවේ ටීවි කමර්ෂල් රඟපෑමෙන්. ඒ 2013 වගේ. එතකොට මට අවුරුදු හයක් වගේ ඇති. ඒ කාලයේ මොඩ්ලින් පැත්තට ලොකු ආසාවක් තිබුණා. 2020 වර්ෂයේ brian kerkoven යටතේ modeling ඉගෙන ගන්න පටන් ගත්තා.පසුවයි මගේ පළමුවෙනි පැජන්ට් එක විධියට miss teen සඳහා සම්බන්ධ වෙන්නේ.මේ වෙලාවෙ විශේෂයෙන් මතක් කරන්න ඕනේ චරිත් ගුණසේකර තමයි මගේ National director වගේම choreographer විධියට කටයුතු කළේ.




දැන් රඟපෑමේ කටයුතු එහෙම කොහොමද?




මම පැජන්ට් එකට කලින් ටෙලිනාට්‍යය දෙකක් කළා . ඒ උඩතට්ටුව සහ දිව්‍යාදරී කියන ටෙලිනාට්‍යය දෙක.පැජන්‍ට් එක නිසා රංගන කටයුතු කිහිපයක් මගහැරුණා.දැන් නැවත එය ආරම්භ කිරීමට බලාපොරොත්තුවෙන් ඉන්නවා.




ඔබේ ඉදිරි වැඩකටයුතු ගැන සිහිපත් කළොත්?




මුලින්ම කියන්න ඕනේ මේ කිරුළ miss teen tourism කියන title එක යටතෙනෙ ලැබුණේ.ඒක ලොකු වගකීමක් . ඉතින් ලංකාවේ සංචාරක කර්මාන්තය දියුණු කරන්න උපරිමයෙන් කැපවෙලා වැඩ කරනවා. ශ්‍රී ලංකාව ලෝකයේ හැම තැනකම ප්‍රමෝට් කරන්න වගේම රටේ tourism industry එක දියුණු කරන්න වැඩ කරනවා.




ඔබේ වැඩකටයුතුවලට ගෙදරිනුත් ලොකු සහයෝගයක් ලැබෙනවා ඇති?




ඔව් අනිවාර්යයෙන්. ලොකුම හයිය මට ලැබුණේ මගේ ගෙදරින්. මගේ ගම මත්තෙගොඩ..විශේෂයෙන් මගේ අප්පච්චි තමයි මාව මේ දේවල්වලට තල්ලු කළේ. මට ඔඩිෂන් එකට යන්න පවා උදව් කළේ මගේ අප්පච්චි. අප්පච්චි තමයි නාමල් හීනටිගල. ආච්චි අම්මා ශ්‍රීමති හීනටිගල. 

gossiplanka image 2
Previous Post Next Post