හැමෝම හිනාවුණා මගේ කෙසඟ ඇඟට කොහොම හරි ඇඟ හැඩට හදාගත්තා -අමන්දා සිල්වා

gossiplanka image 2


නිලුක්ෂි අමන්දා සිල්වා එහෙමත් නැත්නම් නිලුක්ෂි අමන්දා ප්‍රේක්ෂකයන් අතරට ආවේ ‘විසුල අහස යට’ ටෙලිනාට්‍යය හරහාය. රංගනයට අමතරව නිරූපණ කලාව වගේම නර්තන කලාවටද ඇලුම් කරන ඈ මේ දිනවල ‘එලද බ්‍රා’ සිනමා පටය තුළින්ද කතාබහට ලක්ව සිටින්නීය. සමාජ මාධ්‍ය හරහාද ජනප්‍රිය චරිතයක් වන නිලුක්ෂි තම හදවතින්ම කෙටි කතාබහක යෙදෙන්නට ‘හාට්’ එකට පැමිණියේ මේ විදියටයි.


ඉතින් නිලුක්ෂි කොහොමද මේ දවස්වල ජීවිතේ?

ජීවිතේ හරිම ලස්සනට සුන්දරව ගෙවිලා යනවා. සතුටින් අපි ඊට මුහුණ දෙනවා.

අපි කියලා බහුවචනයෙන් කිව්වේ මොකෝ?

මම නොකියා අපි කියලා කිව්වේ මමයි මගේ හස්බන්ඩ් ගැනයි. එහෙම වුණාම ඉතින් අපි වෙනවනේ.

ආරංචියි අපට ඔයාලා දෙන්නා හරිම සුන්දර විවාහයක් තුළ දවස ගෙවනවා කියලා?

සත්තකින්ම ඔව්. ජීවිතය ඇත්තටම මේ හැටිම සුන්දරයිද කියලා හිතෙන තරමට මමයි මගෙ මහත්තයයි අපේ විවාහ බැඳීමක් එක්ක ජීවත් වෙනවා අපි. අපි දෙන්නා තේරුම් ගන්නවා. අපිට සවන් දෙනවා. අපේ හෙට දවස ගැන කතා කරනවා.

ඒ අතර උපන්දින පාටියකුත් සැමරුවා කියලා ආරංචියි?

ඔව්. හස්බන්ඩ්ගේ උපන්දිනේ වැටුණනේ පෝය දවසේ. නිවාඩු පාඩුවේ අපි දෙන්නා ඒක චාමෙට සැමරුවා.

මැරි කළාට පස්සේ ආපු පළමු උපන්දින පාටිය ටිකක් ලොකුවට ගන්න හිතුවෙ නැද්ද?

අපි දෙන්නම සරලකමට හරි මනාපයි. ලොකුවට පාටි තියන්න හිතුවෙ නැහැ. පෝය දවසක් වෙච්ච නිසා අපි පන්සල් ගියා. දෙන්නම එකතු වෙලා රස කේක් එකක් හදලා, කපලා රසට කෑවා. ගෙදරම ඉඳන් මූවි එකක් බලලා බර්ත්ඩේ එක සෙලිබ්‍රේට් කළා.

ඇත්තටම ඔයා කිව්වා වගේ ජීවිතේ හරි සුන්දරයි නේද නිලක්ෂි?

විවාහය කියන බැඳීම තුළ වයිෆ් ඇන්ඩ් හස්බන්ඩ් තම තමන්ව තේරුම් ගැනීම නිවැරැදිව කරනවා නම් එකිනෙකාට සවන් දෙනවා නම් ජීවිතේ ලස්සනට ගෙවන්න පුළුවන්.

හොඳයි අපි දැන් පවුල ගැන කතාබහෙන් ටිකක් එහාට යමු. ඔබ කලාව තුළ ක්ෂේත්‍ර කිහිපයකම නියැළෙනවා නේද?

ඔව්. මම නිරූපණ ශිල්පිනියක්, ඒ වගේම නර්තන ශිල්පිනියක් ලෙසත් කටයුතු කරනවා.

වැඩිය කැමැති රංගනයට කිව්වොත් හරි නේද?

නැහැ. මම වැඩිපුරම කැමැති මා තුළ ඉන්න නර්තන ශිල්පිනියටයි. මම මුලින්ම කළේ නර්තනය. පුංචි කාලේ ඉඳන් කළේ නර්තනය හදාරන එකයි. මට අද වගේ මතකයි මමයි නංගියි කුලසිරි බුදවත්ත සර්ගේ ඩාන්සින් ක්ලාස් එකට යනවා. අපේ ගෙවල් තිබුණේ එල්ෆින්ස්ටන් එක ළඟ. මම නංගිවත් එක්කගෙන පයින්ම තමයි ක්ලාස් එකට ගියේ.

ඉන් පස්සේ අවුරුදු 16දී මොඩර්න් බැලේ ඉගෙන ගත්තා කපිල පලිහවඩන සර් ළඟ. ඒ නර්තනය හරහා තමයි රංගනයටත් නිරූපණයටත් දෙකටම යොමු වුණේ. ඒ වගේම මගේ ෆිගර් එක හදාගත්තෙත් ඩාන්සින්වලින්ම තමයි.

ඩාන්සර් කෙනෙක් වෙන්නද නිලක්ෂි හීන මැව්වේ?

හීන නම් එහෙම ලොකුවට තිබුණේ නැහැ. හැබැයි මෙහෙම කතාවක් කියන්න තියෙනවා. ඉස්කෝලෙ යන කාලේ මම හරිම කෙසඟ කෙල්ලක්. යාළුවෝ පුංචිම කාලේ ඉඳන් මට හිනාවෙනවා ‘අයියෝ ඔයා හරි කෙට්ටුයි නේද?’ කියලා. යාළුවො විතරක් නෙවෙයි දකින කවුරුත් එහෙමයි. මේ කාරණය මට ලොකු දුකක් වුණා.

ඒත් මම ලෙහෙසියෙන් වැටෙන කෙනෙක් නෙවෙයි නිසා ඒ දුක පැත්තකට දාලා හිතන්න ගත්තා. ඔය අතර තමයි ෆැෂන් ටීවී එක බලන්න ගත්තේ. තාත්තට හොරෙන් බැලුවෙ. මොකද ඒක මොඩ්ලින් ප්‍රෝග්‍රෑම් යන එකක් නිසා පොඩි ළමයින්ට බලන්න දෙයක් ඒකෙ තිබුණේ නැහැ.

gossiplanka image 1
Previous Post Next Post