
ඉතින් කොහොමද පූජනී?
අපි සතුටින් ඉන්නවා.
දැන් ඉතින් ගෘහණියක් නිසා ගෙදර දොරේ වැඩ හොඳට ඇති නේද?
ඔව් අයියේ හරිම ආශාවෙන් තමයි මේ දේවල් කරන්නේ. මේ දැනුත් මම උයන ගමන් ඔයා එක්ක කතා කරන්නේ.
ඒ කියන්නේ කටට රහට උයන්න පුළුවන් ඇති?
ඔව්. එහෙම අවුලක් නැහැ. ඉස්සර නම් අම්මා උයන දේ මම කාලා හිටියා. දැන් ඉතින් මම උයන දේවල්වල රස ගයාන් බලනවා.
ගයාන්ට උයන්න බැරිද?
එයා ඒ වැඩවලට ලොකු රුචියක් දක්වන්නේ නැහැ. ඉඳලා හිටලා මගෙ උයන පිහන වැඩවලට උදව් කරනවා.
විවාහ වෙලා ලොකු කාලයක් නැහැනේ. මේ ගෙවුණු කාලය කොහොමද දැනුණේ?
ඉස්සර නම් සැහැල්ලුවෙන් ගෙදරට වෙලා හිටියා. දැන් ඉතින් එහෙම බැහැනේ වගකීම් වැඩියි. අපි බැඳලා මාස දහයක් විතර වෙනවා. වෙනදට වඩා දැන් තමයි මම සතුටින් ඉන්නේ කියලා කිව්වොත් හරි. ගයාන්ගේ වැඩවලට උපරිම සහාය දෙමින් අපි දේනනම එකතු වෙලා ටාගට්වලට යනවා.
‘මං හොයන්නේ ප්‍රේමයක්’ ඒ ගැන කතා කළොත්?
තිළිණ බොරලැස්ස අයියා අධ්‍යක්ෂණය කරන අලුත්ම චිත්‍රපටය ‘මං හොයන්නේ ප්‍රේමයක්’. ඒ චිත්‍රපටයට මම සම්බන්ධ වුණා. දර්ශන් තවරාජ්ගේ සහෝදරිය ලෙස තමයි මම රඟපාන්නේ. තවත් නිර්මාණ කිහිපයකින් මට ආරාධනා ලැබුණා. ඒ වැඩකටයුතු සඳහා සම්බන්ධ වෙනවා.
ප්‍රේක්ෂකයන් හිතනවා ඇති පූජනී දැන් රඟපාන්නේ නැහැ කියලා?
ඔව් එහෙම හිතනවා ඇති. හැබැයි ඉතින් පසුගිය කාලේ එක දිගටම වැඩ කරපු නිසා මම පොඩි විවේකයක් ගත්තා. දැන් ඉතින් අලුත් නිර්මාණ සඳහා සම්බන්ධ වෙන්න කාලෙ හරි.
