
මේ දවස්වල හැමෝම ගොඩක් ආදරෙන් නරඹන මදර් ලංකා හි නපුරු අංජුගේ චරිතය කරන්නේ නවිදී රැපියෙල්. පුංචි තිරේ වෙළඳ දැන්වීම් හරහා කුඩා කාලේ පටන් දැකපු සුන්දර රුවක් හිමි දක්ෂ නවක රංගන ශිල්පිනියක්.
කොහොමද මේ දවස්වල ජීවිතේ?
ජීවිතේ හොඳයි. මේ දවස්වල පොඩ්ඩක් කාර්යබහුල වෙලා තියෙනවා මදර් ලංකා චිත්‍රපටයේ ප්‍රමෝෂන් වැඩ නිසා.
මේ දවස්වල කලා කටයුතු මොනවද?
මේ කාලේ මුල් තැන දීලා තියෙන්නේ මදර් ලංකා චිත්‍රපටයට. ඊට අමතරව මගේ සමාන්‍ය වැඩ කටයුතු ටික කෙරීගෙන යනවා.
මදර් ලංකා චිත්‍රපටයට අවස්ථාව ලැබෙන්නේ කොහොමද?
මදර් ලංකා කියන්නේ මගේ පළමු සිනමා නිර්මාණය. ඒ අවස්ථාව මට ලැබුණේ අනුෂ අන්කල් සහ ක්‍රිෂාන්ති ආන්ටි හරහා. ඒ දෙන්නව මම පොඩි කාලේ ඉඳන් දන්නවා. ඔවුන් මගේ තාත්තාගෙ යාළුවෝ. ක්‍රිෂාන්ති ආන්ටි මගෙන් ඇහුවා ‘අංජු‘ කියන විලන් චරිතේ කරන්න කැමති ද කියලා.
අමතක නොවන අත්දැකීම් ඇති නේද?
ඇත්තටම ඒක නම් අමතක නොවන අත්දැකීමක්ම තමයි. අපි හැමෝම බැඩ්මින්ටන් ක්‍රීඩිකාවෝ. මම තමයි කණ්ඩායම් නායිකාව. මගේ යාළුවට ඉන්නේ ශෙනුකි. එයා ජාත්‍යන්තර පදක්කම්ලාභී ක්‍රීඩිකාවක්. මම පිහිනුම් කරලා තියෙනවා. නමුත් අපි කවදාවත් බැඩ්මින්ටන් ක්‍රීඩා කරලා තිබ්බේ නැහැ. ඒනිසා මාස තුනක් විතර කාලයක් අරගෙන අපිව පුහුණු කළා. එක දවසක් මට කලන්තෙ වගෙත් ආවා. ඒ දවස නම් මට අමතක වෙන්නේ නැහැ.
නවිඳි කියන්නේ පුංචි කාලේ ඉඳන්ම වගේ නිර්මාණ එක්ක ඉන්න කෙනෙක් නේද?
ඔව්… මම අවුරුදු හත අට කාලේ ඉඳන්ම වෙළඳ දැන්වීම් කරනවා. හැබැයි ටෙලි නාට්‍ය කරන්න පටන් ගත්තේ මෑතකදී. තාම අවුරුදු දෙකහාමාරක් වගේ කාලයක් වෙන්නේ.
රංගනය පමණද වෘත්තියක් විදියට කරන්නේ
තවම රංගනය මගේ වෘත්තිය වෙලා නැහැ. මම තාම ඉගෙන ගන්නවා. මම උපාධිය හදාරන්නේ මාර්කටින් බිස්නස් මැනේජ්මන්ට්. එහි තුන්වෙනි අවුරුද්දේ ඉන්නේ. ඉගෙන ගන්න ගමන් තමයි කලාව කරගෙන යන්නේ.
පවුලේ හැමෝම වගේ කලාවට සම්බන්ධ නිසා ඒ අයගෙන් ලැබෙන සහයෝගය කොහොමද ?
මගේ තාත්තා සංගීතඥයෙක්. මල්ලි නම් පොඩිම කාලේ ඉඳන් රඟපානවා. අම්ම නම් කලාවට සම්බන්ධ නැහැ. එයාලා හැමෝගෙන්ම ලොකු සහයෝගයක් ලැබෙනවා. හැමදේම බෙදා ගන්නේ ඒ තුන්දෙනා එක්ක. තාත්තාගෙන් සහ මල්ලිගෙන් ගොඩක් උපදෙස් ලැබෙනවා.
මල්ලිත් එක්ක එකම නිර්මාණයක රඟපාන්න අවස්ථාවන් ලැබිලා ද තියෙන්නේ
ඔව්, මම මුලින්ම රඟපෑ ටෙලි නාට්‍යයේ මල්ලිත් මා එක්කම රඟපෑවේ. ඒ නාට්‍යය තමයි ITN නාලිකාවේ විකාශය වූ ‘දිව්‍යාදරී‘ නාට්‍යය.
ඉදිරියට එන්න තියෙන නිර්මාණ මොනවද?
තාම ලොකුවට මුකුත් කරලා නැහැ. උපාධියේ අවසන් අවුරුද්ද නිසා ලැබුණු රංගන ඇරයුම් පොඩ්ඩක් නතර කරලා තියෙන්නේ. විභාගේ අවසන් වුණාම නැවත නිර්මාණ ගැන හිතනවා.
ආදරේ ගැන මොකද හිතෙන්නේ
ආදරේ කියන්නේ කාටවත් නැතුව බැරි දෙයක්. අම්මට තාත්තට ආදරේ කරන තැන ඉඳන් ආදරේ නැතුව අපිට ජිවත් වෙන්න බැහැ. මම තවම පෙම්වතියක් නම් නෙවෙයි. මම කැමති මගේ දේවල්වලට සහයෝගය දෙන හැමදාම හොඳම යාළුවො වගේ ජීවත් වෙන්න පුළුවන් කෙනෙක්ට.
දිගටම කලාවේ රැඳෙන්න ද කැමැත්ත?
කලාව කියන්නේ හරිම ලස්සන තැනක්. ඒ නිසා දිගටම කලාවේ රැඳෙන්න කිසිම අකමැත්තක් නැහැ. අපිට නිවැරදිම ගමනක් යන්න පුළුවන් නම් කලාව තමයි සුන්දරම තැන.
