නාට්‍යයේ රඟපානකොට ඇත්ත ජීවිතේ මම වැරදි ද කියලත් හිතෙනවා -කිත්මිණි කාවින්ද්‍යා

gossiplanka image 2
 


මේ දිනවල ස්වාධින රූපවාහිනී නාලිකාවේ විකාශය වන ජයප්‍රකාශ් සිවගුරුනාදන් මහතා අධ්‍යක්ෂණය කරනු ලබන රාග ටෙලි නාට්‍යයේ ශෙරීනා ලෙසින් පුංචි තිරයට ආ කිත්මිණි කාවින්ද්‍යා සමඟ කළ කතාබහකි මේ.‍


මුලින්ම කිත්මිණි ගැන කිව්වොත්?


මගේ නම කිත්මිණි කාවින්ද්‍යා. වයස අවුරුදු 21යි. මම මුලික ආධ්‍යාපනය ලැබුවේ මාදම්පේ සුගතානන්ද නවෝද්‍යා ජාතික පාසලේ. මම උසස් අධ්‍යාපනය ලැබුවේ හලාවත ආනන්ද ජාතික පාසලේ. මගේ තාත්තා හමුදා නිලධාරියෙක් විදියට වැඩ කරන්නේ. අම්මා ප්‍රාදේශීය සභාවේ රැකියාවක් කරනවා. මට මල්ලිලා දෙන්නෙක් ඉන්නවා. මගේ ගම මාදම්පේ වුණාට වැඩවලට පහසු නිසා මේ වෙද්දී කොළඹ පදිංචි වෙලා ඉන්නවා.


කලාවට එන්න හිතුණේ කොයි කාලෙද?


මම ඉස්සර ඉඳන්ම සෝෂල් චරිතයක්. දඟලලා කරලා නිදහසේ ජීවත් වෙන්න කැමති කෙනෙක්. එක දෙයකට හිර වෙන්න කැමති නැහැ. උසස් පෙළ කරන කාලේ මට හිතුණා මම හිර වෙලා වගේ කියලා. ස්ට්‍රෙස් ගතියක් දැනුණා. ඒ දේවල් එක්ක මගේ උපන්දිනය දවසේ රුක්මාල් සේනානායක සර්ගේ මොඩ්ලින් ක්ලාස් එක ගැන දැකලා මම ඒකට මැසේජ් එකක් දාලා ඒකට සම්බන්ධ වුණා. ඊට පස්සේ 2022 දී චන්දිමාල් ජයසිංහගේ අවුරුදු කුමාරි තරගයට ගියා. එහෙම තමයි මේ ගමන පටන් ගත්තේ. කලාවට එන්න හිතාගෙනම ආව ගමනක් නෙවෙයි. ඔළුවට නිදහසක් ඕනේ නිසා ආව ගමනක්.‍


රංගන ශිල්පිනියක් වෙන්න ඕනේ නිසාද අවුරුදු කුමරි තරගයකට ගියේ?


කලාවට එන්න හිතාගෙනම ආව ගමනක් නෙවෙයි. ඔළුවට නිදහසක් ඕනේ නිසා ආව ගමනක්. මේ වෙද්දී මම මියුසික් වීඩියෝ, රූපවාහිනී වෙළඳ දැන්වීම් සහ ෆොටෝ ෂුට්වලට පෙනී ඉන්නවා.


රාග නාට්‍යට අවස්ථාව ලැබෙන්නෙ කොහොමද?


රාග නාට්‍යයේ ස්ක්‍රීන් ටෙස්ට්වලට මුල් කාලේ ගියා. එහෙම ගිහිනුත් ආයෙම අවුරුදු 3කට පස්සේ තමයි නැවත ස්ක්‍රීන් ටෙස්ට් එකකට යොමු කරලා මේ නාට්‍යයට ගත්තේ. මට මේ අවස්ථාව ලබා දීම ගැන රාග නාට්‍යයේ අධ්‍යක්ෂ ජයප්‍රකාශ් සිවගුරුනාදන් මහතාට සහ නිෂ්පාදක ශ්‍රී ලාල් වික්‍රමගේ මහතාට ස්තුතිවන්ත වෙන්නත් මෙය අවස්ථාවක් කර ගන්නවා.


ශෙරීනා චරිතේ ගැනත් කෙටියෙන් කිව්වොත්?


ආදරය කරන කොල්ලට පිට යන්න නොදී බලෙන් හරී අයිතිකරගන්න උත්සාහ කරන නපුරු චණ්ඩිකාර කෙල්ලෙක්ගෙ චර්තයකුයි මම රාග ටෙලිනාට්‍යයේ රඟපාන්නෙ.


ශෙරීනා චරිතේ එක්ක ඔබෙ ජීවිතේ සමානකම් තියේද?


ඇත්ත ජිවිතේ කතාව හම්බෙලා වගේ තමයි. හැබැයි මම හරි ආසාවෙන් රඟපානවා. නාට්‍යය එක්ක ඒ ජිවිතේ රඟපානකොට ඇත්ත ජිවිතේ මම හරිද වැරදිද කියලත් හිතෙනවා මම. සැබෑ ජීවිතයේදිත් මම ආදරය කරන කොල්ලට වෙන කෙල්ලො එක්ක යන්න නොදී චණ්ඩිකාරකමින් හරි මං ළඟ තියාගන්නයි මම කැමැති.


කොහොමද ශෙරීනා චරිතේට ලැබෙන ප්‍රතිචාර?


ඉතාම හොඳ ප්‍රතිචාර ලැබෙනවා. මාව දන්නා මගේ යාළුවො නම් කියන්නේ මගේ සැබෑ ජීවිතයේ වගේම චරිතයක් රාග ටෙලිනාට්‍යයේදී මට රඟපාන්න ලැබිලා කියලා.


ඉදිරියට එන්න තියෙන නිර්මාණ මොනවද?


තව නිර්මාණ දෙකකට මේ දිනවල කතා කරලා තියෙනවා. ඒ නිර්මාණවල ෂූටින් පටන් ගන්න නියමිතව තමයි තියෙන්නේ. කොහොමත් නුදුරේම තව නිර්මාණ තුළින් දකින්න ලැබෙයි.


ගෙදරින් ලැබෙන සහයෝගය කොහොමද?


ඇත්තටම හොඳ සහයෝගයක් ලැබෙනවා. මම මුලින්ම මොඩ්ලින්වලට ඇවිත් රඟපාන්න එද්දී යම් යම් කාලවලදී අනේ මට මේක හරියන්නේ නැහැනේ කියලා මටම හිතෙද්දි, නැහැ ඔයා දැන් අවුරුදු එකහමාරක වගේ කාලයක් මොකක්ම හරි දෙයක් වෙනුවෙන් කාලය කැපකරමින් ඔට්ටු වුණානේ, එනිසා ඔයාට හරි යයි. තව ටිකක් කට්ට කාගෙන ඉන්න කියන එක තමයි ගෙදරින් මට කිව්වේ.


දිගටම රඟපාන්නද කැමැත්ත?


එහෙමම නම් නැහැ. හොඳ වැඩ ආසාවෙන් වැඩ කරන්න හැකි නිර්මාණ ලැබුණොත් රඟපානවා. ඒ හැර ජීවිතේම රඟපෑම කර ගන්න බලාපොරොත්තුවක් නම් නැහැ.


කිත්මිණි ෆැෂන් කරන්න කැමති කෙනෙක් ද?


ඔව්. ඒ අවස්ථාවට ගැළපෙන විලාසිතාව කරන්න මම කැමතියි. එහෙම නැතුව ඇඟ පෙන්නන අරමුණින් හැම තිස්සෙම විවෘත ඇඳුම් අඳින පුරුද්දක් මට නැහැ. ඕනේම විදිහේ විල­ාසිතාවක් කරන්න පුළුවන් විදිහෙ සිහින් සරාගී ශරීරයකුත් මට ලැබිලා තියනවා. නිරූපිකාවක් සහ නිළියක් විදිහට සිහින් සරාගී සිරුරක් පවත්වාගෙන යාමත් වැදගත්. මම ව්‍යායාම කරනවා. කෑම පාලනය නම් එතරම්ම මගේ අතින් වෙන්නේ නැහැ. හැබැයි මම වාසනාවන්තයි කෑම පාලනය නොකරත් සිහින් සිරුරක් ස්වභාවිකවම මට ලැබිලා තියෙනවා.


ආදරේ ගැන මොකද හිතෙන්නේ?


ආදරේ ඇත්තටම සුන්දරයි හරි කෙනා ලැබුණොත්. වැරදි කෙනා ලැබුණොත් දුකක් විතරයි. ඒ හැමදේම ලැබෙන්නේ මම හිතන්නේ තමන්ගේ පෙර පින් අනුව කියලමයි මට සමහර තැන්වලදී හිතෙන්නේ. කොහොම වුණත් හරි කෙනා ලැබුණත් නැතත් මට ලැබුණ කෙනාට මම ඇත්තටම ආදරේ කරනවා. එයා වෙනුවෙන් මට කරන්න පුළුවන් ඕනෙම දෙයක් කරනවා.


අනාගත බලාපොරොත්තු මොනවාද?


මම ආසයි මගේම දේවල් කරන්න. ඒ නිසා නිදහසේ ඉන්න පුළුවන් මගේම ව්‍යපාරයක් කරන්න කැමතියි. ඒ හැර ලොකු බලාපොරොත්තු නැහැ. සතුටින් නිදහසේ ජීවිතේ ඉන්නයි කැමති.

gossiplanka image 1
Previous Post Next Post