ඇත්තටම මට ලොකු ඩැමේජ් එකක් වුණේ නැහැ-හිමාලි සිරිවර්ධන

gossiplanka image 1
 හිමාලි සිරිවර්ධන, ඇය ගැන මේ දවස්වල බොහෝ දෙනා කතා කරන්නෙ සමාජ මාධ්‍ය තුළ සංසරණය වූ ඒ වීඩියෝව නිසා කිව්වොත් හරි..


හිමාලි මුහුණ දුන්න මේ හදිසි අනතුර ගැන බොහෝ වෙලාවට අහන්න ලැබුණේ ටිකක් වෙනස් විදිහට ආරංචි..


"ඇය රෝහල්ගත කරලා" , "ඇය අසාධ්‍ය තත්වයේ පසු වෙනවා.." මෙන්න මේ වගේ කතා එක්ක හිමාලිට ආදරය කරන බොහෝ පිරිසක් මේ සිද්ධිය නිසා කලබලයට පත් වෙලා..


කොහොම වුණත් දැන් සුවය ලබමින් ඉන්න හිමාලි ඒ සිද්ධිය ගැන අපිට කිව්වේ මෙන්න මේ වගේ කතාවක්..


මේ වෙනකොට ඔබේ සැපදුක් කොහොමද..?


මේ වෙනකොට සුව වෙමින් ඉන්නේ.. ඇත්තටම මට ලොකු ඩැමේජ් එකක් වුණේ නැහැ.. ඒත් තැලීම්, සීරීම තුවාල එහෙම තියනවා.. ඒත් ගොඩක් දරුණු විදිහට වැටුණු හින්දා ඇඟේ වේදනාව තවම තියනවා.. ඒ අවස්ථාව එක්ක බලනකොට මේ වෙද්දී මට ඇත්තටම පොඩි සුවයක් දැනෙනවා..


මේ සිද්ධිය ගැන ඔබට ආදරය කරන පිරිස දැනගන්නේ වීඩියෝවක් හරහා.. කවදාද මේ සිද්ධිය හරියටම වුණේ..?


මේ සිද්ධිය වුණේ පසුගිය 12 වැනිද..


මේ සිද්ධිය වුණේ හරියටම කොහේදිද..?


මම ෂූට් එකකට ගියා.. අපිට මේකප් කරන්න දීලා තිබුණේ එතන උඩ තමයි, ඉතින් මේකප් කරලා කොණ්ඩේ හදලා මං පහළට බැස්සේ ෂූට් එකට යන්න.. ඒ වෙලාවේ වැහැලා තිබුණේ, ඒ නිසා පඩිපෙළ තෙමිලා.. මගේ සෙරෙප්පුව ලිස්සලා වැටුණා.. ඇත්තටම එතන අල්ලගන්න වත් තැනක් තිබුණේ නැහැ..


ඔබ මේ අනතුරට මුහුණ දෙන්නේ ටෙලිනාට්‍යක රූගත කිරීම අතරතුර, එතකොට දැන් ඒ වැඩ කටයුතුවලට මොකද වෙන්නේ.. ඒ දේවල් තාවකාලිකව නතර වෙලාද..?


ඇත්තටම මං ඒ වෙලාවේ වැටිච්ච ගමන් මං ඉක්මනට නැගිට්ටා.. ඇත්තටම එක සීන් එකකට තමයි මං එදා ගියෙත්.. වැටුණට පස්සේ මම හිතුවේ ලොකු ඩැමේජ් එකක් වෙලා ඇති කියලා.. මං හිතුවේ මගේ කොන්ද හරි කැඩිලා ඇති කියලා.. ඒ නිසා මං එකපාරටම නැගිටින්න උත්සාහ කළේ නැහැ.. මට ඉක්මනට කරන්න පුළුවන් ප්‍රථමාධාරත් එතනදී ලබාදුන්නා.. මං ගොඩක් වෙලා එතන රෙස්ට් කළා.. මගේ මුහුණට මල් පෝච්චියක් වැටුණා.,. ඒත් මුහුණට මුකුත් වෙලා තිබුණේ නැහැ.. පොඩි පොඩි තැලීම් ටිකක් තමයි තිබුණේ.. ඒවට අයිස් තියලා අවශ්‍ය මූලික දේවල් එතනදී සිදුවුණා.. ඒ ලොකේෂන් එකේ හිටිය අයට, ඒ ගෙදර අයට ස්තූති කරන්න ඕන මම, හොඳට ඒ අවස්ථාවේ කරන්න ඕන හැම දෙයක්ම ඒ අය කළා.. ඊට පස්සේ තමයි මම රෝහලට ආවේ මේ ගැන පරීක්ෂා කරගන්න.. එතකොට මං බැලුවා මොනවාහරි වෙලා තියනවාද කියලා එක් රේ කරලා.. මේ සිද්ධියට පස්සේ දවසේ තමයි මේ වීඩියෝ එක ශෙයා වෙලා තිබුණේ.. වැරදි තොරතුරු එක්ක විවිධ ගොසිප් හැදිලා තිබුණා, මේ ගෙදර වැටිලා එහෙම කියලා එක එක කතා..


එතකොට මේ අනතුරත් එක්ක ඔබේ රංගනයේ වැඩකටයුතු තාවකාලිකව නවතීවිද..?


ඔව් ඇත්තටම ඒ දේවල් ගැනත් මං බලන්න ඕන, මම අලුත් ටෙලිඩ්‍රාමා එකකටත් දින දීලා තියෙන්නේ මේ වෙද්දී.. ඒකේ වැඩත් පටන් ගන්න තියනවා.. ඒ අය අමාරුවේ දාන්නත් බැහැ.. මං පුළුවන් විදිහට ඒ වැඩකටයුතු කරන්න හිතාගෙන ඉන්නවා.. කොහොම වුණත් මේ සිද්ධියෙන් පස්සේ තවම මම කොහේවත් ගියේ නැහැ ගෙදරම තමයි ඉන්නේ.. ඒත් අපි වැඩකට දින දුන්නාම ඒක අපේ වගකීමක් නේ.. මේ වෙනකොට මම තැලීම්වලට තමයි බෙහෙත් කරන්නේ.. මේ දවස්ටිකේ.. කැඩිලා, බිඳිලා නැති වුණාට ඇවිදින්න නම් චුට්ටක් අමාරුයි මේ දවස්ටිකේ එකම තැන ඉඳගෙන විවේක ගත්තා... කොහොම වුණත් බාරගත්ත වැඩ කරන්න උපරිම උත්සාහ කරනවා..


එතකොට හිමලි, මේ වෙච්ච සිද්ධියත් එක්ක ඔබ ගැන රසිකයෝ හොයනවා.. ඔබට දුරකතන ඇමතුම් එහෙම එන්න ඇති නේද..?


ඔව් ඇත්තටම සමාජ මාධ්‍ය තුළ සැරිසරපු ඇතැම් වීඩියෝවල තිබුණා මට ගොඩක් අසාධ්‍යයි, රෝහලේ තමයි මම ඉන්නේ කියලා.. ඉතින් ඒකත් එක්ක ක්ෂේත්‍රයට සම්බන්ධ ගොඩක් දෙනෙක් කතා කළා.. මට වඩා මගේ පවුලේ අයට කතා කරලා සුවදුක් විමසලා තිබුණා.. මම හොස්පිටල් කියලා හිතාගෙන.. ඉතින් ගොඩක් ස්තූතිවන්ත වෙනවා මං ඒ අයට.. මොකද අපිට කරදරයක් කියලා දැනගත්තාම එහෙම පිරිසක් අපිත් එක්ක ඉන්නවා කියලා දැණුනාම ඒ හයිය, ඒ සතුට ඇත්තටම මට දැනුණා.. මගේ සුවදුක් විමසන්න කතා කරපු හැම කෙනෙක්ගේම කෝල්ස් මං පුළුවන් හැම වෙලාවකම ආන්සර් කළා.. බැරි වුණු කෙනෙට මැසේජ් එකක් හරි දැම්මා.. මොකද මට කරදරයක් කියලා හිතාගෙන නේ මේ හැමදෙනාම මට කතා කරන්නේ.. මම හොඳින් කියලා කියන්නයි මට ඕන වෙලා තිබුණේ.. ඒ හැම දෙනාටම ඒ අවශ්‍ය පිළිතුර මම දුන්නා.. සතුටුයි එහෙම පිරිසක් මාත් එක්ක ඉන්නවා කියන එක..


ඒ ඔබ ළඟින් ඉන්න පිරිස නේ.. ඔබට ආදරය කරන දුරින්ඉන්න රසික රසිකාවියන්ගේ ආදරය ඔබට ලැබුණේ කොහොමද මේ සිද්ධියත් එක්ක..


ඔව් එයාලා ගැන මතක් කරන්න ඕන.. මගේ ෆේස්බුක් එකේ, මගේ ඉන්ස්ටර්ග්‍රෑම් එකේ ඉන්න විශාල පිරිසක් මගේ සුවදුක් අහලා මැසේජ් දාලා තිබුණා.. ස්තූතියි මං ගැන එච්චර හොයලා බැලුවාට.. ඒ වගේම මට කියන්න තියෙන්නේ මොකක් හරි නිවුස් එකක් දැක්කොත් ඒ ගැන හරියට හොයලා බලලා ඒ දේවල් පළකරන්න කියලා.. මොකද නැත්තං අපිට ආදරය කරන අය බය වෙනවා.. තව සමහර අය හිතනවා මේ ෂූට් එකක් කියලා.. ඒත් එක්කම තව දෙයක් කියන්න ඕන.. මං සාමාන්‍යයෙන් කමෙන්ට් බලන කෙනෙක් නෙවෙයි.. ඒත් මේ වීඩියෝ එකට වැටිලා තියන සමහර කමෙන්ට් මං බැලුවා.. ඒවගේ තිබුණා, "ෆෝන් එක ඔබ ඔබ යනවා හොඳ වැඩේ", "හොඳ පාඩමක්" කියලා සමහර දේවල්.. මම ෆෝන් එක බැලුවේ මගේ මේකප් එක කරනකල් විතරයි.. එතනට එනකොටම මම ෆෝන් එකේ බලබල හිටපු වීඩියෝ එක ඕෆ් කරනවා.. මං දැක්කා පඩිපෙළේ වතුර තියනවා කියලා... ඒ නිසා ෆෝන් එක ඕෆ් කරලා තමයි මම බහින්නෙත්.. මට හිතුනා මෙහෙම ගියොත් වැටෙයි කියලා.. මොකද වැහැපු නිසා ඒ පඩිපෙළේ හොඳටම වතුර තිබුණා.. ඉතින් මං දැක්කා ඒ වගෙ කමෙන්ට්ස්.. සාමාන්‍යයෙන් මම මං ගැන හිතන කෙනෙක්.. ඒ නිසා මොකක් හරි සිද්ධියක් වාර්තා කරනවා නම් පොඩ්ඩක් ඒ ගැන හොයලා බලලා වාර්තා කරනවා නම් හොඳයි..


සමාජ මාධ්‍ය තුළ සැරිසරන ඒ වීඩියෝ එක දැක්කාම දැන් හිමාලිට මොකද හිතෙන්නේ..?


ඇත්තටම ඒ වැටිච්ච විදිහට මම නම් හිතුවේ දෙවියන්වහසේ මාව ආරක්ෂා කරනවා කියලා විතරයි.. මට ඒ සිද්ධිය වෙනකොට හිතන්න වත් වෙලාවක් තිබුනේ නැහැ.. එතන පහළ කොන්ක්‍රීට් එකක් තිබුණා.. මගේ කකුල් දෙක උඩින් ඇවිල්ලා වගේ තමයි මම වැටුණේ.. මගේ ඔළුව පහලට ගියා වගේ මතකයි.. ඒ ඇරෙන්න ඒ සිද්ධිය ගැන වෙන කිසිම දෙයක් මට මතක නැහැ.. ඉතින් එච්චර දරුණු විදිහට වැටිලා මම අද මෙහෙම ඉන්නවා කියන එක ගැන, එක්තැන් වෙලා ඉන්නේ නැති එක ගැන මට සතුටුයි.. මට කතා කරපු හැම කෙනෙක්ම කිව්වේ ඒක ගැනයි..


මේ සිද්ධියට ගැන දැන් අපි කතා කළා නේ.. නැවතත් කලා කටයුතු පැත්තට අපි ආවොත්, ඔබ රංගන ශිල්පිනියක් විදිහට දැන් අපිට සමීප වුණාට නර්තනය පැත්තෙන් ඔබ අපිට දැකගන්න වෙන අවස්ථා හරි අඩුයි.. ඒ ගැන මොකද කියන්න තියෙන්නේ..


ඔව් මම පුතා ලැබුණට පස්සේ නර්තනය පැත්තෙන් ටිකක් ඈත් වුණා.. නර්තනය පැත්තෙන් වැඩකසටහනක්, ප්‍රසංගයක් තිබුණොත් ඒවට මම සහභාගී වෙනවා.. මම නටන්නේ නැහැ කියලා දෙයක් නැහැ.. මම ඇත්තටම මගේ නර්තන කණ්ඩායමේ වැඩකටයුතු නැවැත්තුවේ මගේ පුතාගේ වැඩකටයුතුයි, මගේ පෞද්ගලික ජීවිතයේ කටයුතුයි, ඒවා ඔක්කොම එකට කරන්න ඇත්තටම හරි අමාරුයි.. පුතාට මගේ කාලයෙන් වැඩි කොටසක් දෙන්න ඕන නිසා තමයි මම නර්තන කණ්ඩායමේ වැඩකටයුතු නැවැත්තුවේ.. ඉතින් දැන් ඒක මට පුරුද්දක් වෙලා.. 

gossiplanka image 2
Previous Post Next Post