
කොහොමද මේ දවස්වල වැඩකටයුතු ?
හැමදෙයක්ම හොඳින් කරගෙන සතුටින් ඉන්නවා. පිරිමි ළමයි ටෙලිනාට්‍යයේ සහ රට පවුල ටෙලි නාට්‍යයේ වගේම ඉර හැංගිලා ටෙලිනාට්‍යයෙත් රංගන කටයුතු සමගයි කාලය ගත වෙන්නේ. ඒ වගේම "දුවපං මචං" වේදිකා නාට්‍යයේ දර්ශන වාරවලටත් රංගන දායකත්වය ලබා දෙනවා.
ලැබුණු සම්මානය ගැන මතක් කළොත් ?
මෙවර සුමති සම්මාන උළෙලේ හොඳම නැගී එන නිළියට හිමි සම්මානය ලැබුණා.
සම්මානය අතට ලැබුණු වෙලාවේ දැනුණු හැඟීම කොහොමද?
සම්මානය අතට ගන්න කලින් නිර්දේශිත නාම ඉදිරිපත් කළා. නමුත් නිර්දේශිත නාම කියන්න ගනිද්දි හිතේ ලොකු තිගැස්සීමක් තිබුණා. මට නිම්මි මනෝහාරී කියන නම කියනවා ඇහෙද්දි දැනුන හැඟීම වචනවලට ගළපන්න අමාරුයි. ඒ වගේම විශේෂම කාරණාව වුණේ ඒ මොහොතේ අම්මා ළඟ හිටපු එක.
රංගන ජීවිතේ කෙටි කාල පරාසයක් තුළ මෙවැනි සම්මානයක් ලැබීම ගැන නිම්මිගේ අදහස මොකක්ද ?
මම රංගනයට පිවිසිලා තවම වසර හතර හමාරක් වගේ පොඩි කාලයක්. මේ වගේ සම්මානයක් ලැබීම මට ලොකු වගකීමක්. මම වගේ නවකයෙකුට මේ සම්මානය බරයි. ලොකු ටෙලිනාට්‍යය ප්‍රමාණයක් කරලා නැතත් වියළි කියන්නේ මගේ දෙවැනි ටෙලිනාට්‍යය. දෙවැන නිර්මාණයටම එවැනි ඇගයීමක් ලැබීම මගේ වාසනාවක්.
"ඉර හැංගිලා "කියන්නේ මේ දිනවල කතාබහට ලක්වෙන ටෙලි නාට්‍යයක්.
ඉර හැංගිලා ටෙලිනාට්‍යයේ රූගත කිරීම් ආරම්භ කරන්නේ මීට වසර තුන හමාරකට විතර කලින්. නමුත් එය විකාශය වෙන්නේ මේ කාල වකවානුවේ. එය මගේ තෙවැනි නිර්මාණය. හොඳ කතා තේමාවක් වගේම හොඳ පිටපතක් යටතේ හැදෙන නිර්මාණයක්.
නිම්මි නිර්මාණයන්වලට දායක වෙන්නේ තෝරා බේරා ගෙනද?
නාඩගම්කාරයෝ මගේ පළමු ටෙලිනාට්‍යය. එයත් රසවත් විධියට ගලාගෙන ගියා. පසුව වියළි ටෙලිනාට්‍යය ලැබුණා. ඉර හැංගිලා කරන්නේ ඊට පස්සේ. තෝරා බේරාගෙන කරන්න පුළුවන් නිර්මාණ ප්‍රමාණයක් මට ලැබිලා නැහැ. නමුත් මට ලැබෙන හැම ටෙලිනාට්‍යයකම මට කරන්න දෙයක් තිබුණා.
සම්මානයක් ලැබෙනවා කියන්නේ චරිතයක් වෙනුවෙන් කළ කැපකිරීමක ප්‍රතිඵලයක්. වියළි වෙනුවෙන් නිම්මි කළ කැපකිරීම් මොන වගේද?
වියළි කියන්නේ මීට වසර හතරකට කලින් රූගත කළ ටෙලිනාට්‍යයක්... එහි කොටස් පහළොවක් පමණ තමයි රූගත කිරීම් කරලා තිබුණේ. දහසය වෙනි කොටසේ ඉඳන් පනස්පස් වෙනි කොටස වෙනකම් ගිය අවුරුද්දෙ තමයි රූගත කිරීම් කළේ. ඒ වෙනුවෙන් මම සෑහෙන ලොකු කැපකිරීමක් කළා. පිටපත සමග තමයි ගොඩක් කාලය ගත කළේ. ඊට අමතරව අවුරුදු හතරකට පසු රූගත කිරීම් කළ නිසා මගේ ශරීරය සෑහෙන්න මහත් වෙලයි තිබුණේ. ඉතින් වියළි වෙනුවෙන් ඩයට් ප්ලෑන් එකකට යන්නත් මට සිද්ධ වුණා. මට වුවමනා වුණේ අවුරුදු හතරකට කලින් හිටපු නයෝමිගේ චරිතයම එතෙන්ට ගෙනෙන්න. රූගත කරන ප්‍රදේශයේ පවා මම ව්‍යායාම කළා.
අධ්යක්ෂවරයාගේ කැපවීම රංගන ශිල්පියකුගේ රංගනයේ සාර්ථකත්වය උදෙසා කොතරම් දුරට බලපාවීද...?
අතිදක්ෂ නිර්මාණ අධ්යක්ෂවරුන් යටතේ තමයි මට වැඩකරන්න ලැබුණේ. ඔවුන්ගේ මගපෙන්වීම සහ ඔවුන් සමග කතාබහ කිරීම තුළින් තමයි මගේ චරිත ගොඩ නැගුණේ. මගේ අතින් අතපසුවීමක් වුණත් මගේ ළඟට ඇවිත් මට හරිම ආදරණීය විදියට හිත නොරිදෙන විදියට ඔවුන් අඩුපාඩු පෙන්වා දෙනවා. අධ්යක්ෂවරු කියන්නෙම මැටි ගුළියක් දුන්නම තමන්ට අවශ්‍යය විදියට ඒ චරිතය අඹන පිරිසක්. මගේ යම් සාර්ථකත්වයක් දැන් තිබෙනවනම් ඒ මහන්සියට සියයට සියයක් ක්‍රෙඩිට් එක යන්න අවශ්‍යය වෙන්නේ අධ්‍යක්ෂවරුන්ට.
නිම්මි ඇත්ත ජීවිතයෙත් සරල චරිතයක්ද?
මගේ ගම නුවර නිසා ඇතැම් විට මගෙන් ගැමි ස්වරූපයක් පෙනෙනවා වෙන්න පුළුවන්. බොහො වෙලාවට මාව තේරෙන්නේ ගැමි චරිතවලට. හැබැයි ගැමි චරිත ලැබුණත් මම ඒ චරිත කරන්නේ විවිධාකාරයෙන්. උදාහරණයක් විදියට නාඩගම්කාරයෝ එක විදියක්. ඉර හැංගිලා තව විදියක්. වියළි තවත් විදියක්. පෞද්ගලික ජීවිතෙත් මම ඉතාමත්ම සරල කෙනෙක්. ගැමි චරිතවලටත් වඩා මම සරල කෙනෙක්. මම ආසයි සරලව සැහැල්ලුවෙන් ඉන්න. එවිට අපිට ජීවත් වෙන්න ලේසියි..
