රත්ගම ව්‍යාපාරිකයන් දෙදෙනාගේ දරුවන්ට ජනපතිගෙන් මුදල්


ඝාතනයට ලක් වූ රත්ගම ව්‍යාපාරිකයන් දෙදෙනාගේ පවුල්වල අභිවෘද්ධිය වෙනුවෙන් සහ දරුවන්ගේ ඉදිරි
අධ්‍යාපන කටයුතු වෙනුවෙන් මුදල්

පරිත්‍යාගයක් සිදු කිරීම ජනාධිපති   මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අතින් ඊයේ
(06) දහවල් ජනාධිපති කාර්යාලයේ දී සිදු විය.

තම දරුවන් සමග ජනාධිපති කාර්යාලය වෙත පැමිණි එම ව්‍යාපාරිකයන්ගේ භාර්යාවන් දෙදෙනා ජනාධිපතිතුමා හමු වූ අතර, ඔවුන්ගේ තොරතුරු විමසු ජනාධිපතිතුමා එම පවුල්වල අභිවෘද්ධිය සහ දරුවන්ගේ ඉදිරි අධ්‍යාපන කටයුතු වෙනුවෙන් මෙම මුදල් පරිත්‍යාග පිළිගැන්වීය.

Previous Post Next Post