ඊයේ රෑ මාවනැල්ලේදී ගුරු විද්‍යාල ට්‍රිප් ගිය බසය පෙරළී මරණ 1 යි 40 ක් රෝහලේ


ඊයේ 5 රාත්‍රී 9.15 ට පමණ  මාවනැල්ල පහළ කඩුගන්නාව ඉපැරණි අම්බලම ප‍්‍රදේශයේදී
අනතුරකට ලක් වීමෙන් එක් අයෙකු මිය ගොස් 40 දෙනෙකුට ආසන්න පිරිසක් තුවාල ලබා රෝහල් ගත කර ඇත.
රියදුරුට වේගය පාලනය කරගන්නට බැරිව බසය මාර්ගයෙන් ඉවතට පැන පෙරළීගිය බව පැවසිණි.
අනතුරින් මියගියේ බස් රථයේ කොන්දොස්තර ලෙස කටයුතු කළ අක්කරේපත්තුවේ එල්එම් ඉම්හාන් (32)නමැත්තෙකි.
අඩ්ඩාලච්චේනේ ගුරු විද්‍යාලයේ පිරිසක් අලුත්ගම ප්‍රදේශයට විනෝද චාරිකාවක් යමින් සිටියදී මෙම අනතුර සිදුව ඇත.
බස් රථය අනතුරට ලක් වන අවස්ථාවේ එහි ශිෂ්‍ය ගුරු වරුන් 54 දෙනෙකු සිට ඇති බවත් ඔවුන් අවුරුදු 22 හා 23 න වයස් කාණ්ඩවල පසුවන අය බවත් කියැවිණි. 54 දෙනාගෙන් 50 ක්ම සිසුවියන් වූ බවද පැවසිණි.
තුවාල ලද අය මාවනැල්ල හා මහනුවර රෝහල් වෙත යවා ඇත.






Previous Post Next Post