ඊයේ රෑ ග්‍රෑන්ඩ්පාස්හිදී වෙඩි කෑ කුඩු චූටි කංචිපාන් ඉම්රාන්ගේ බිරියලු

ඊයේ රාත්‍රි 9 ට පමණ සිදුවූ වෙඩි තැබීමෙන් ග්‍රෑන්ඩ්පාස්, මැල්වත්ත ප්‍රදේශයේ කාන්තාවකට තුවාල සිදුවූ අතර
එලෙස තුවාල ලැබූවේ
දැනට මාකඳුරේ මධුෂ් සමග ඩුබායිහි අත්අඩංගුවේ පසුවන කංජිපාන් ඉම්රාන් නමැති පාතාල සාමාජිකයාගේ අනියම් බිරිඳ බව වාර්තා වේ.
ඇය ආශා ෆාරි හෙවත් කුඩු චූටි යන අනවර්ථ නාමයෙන් හැඳින්වෙන අතර 39 හැවිරිදි කාන්තාවකි.
පොලීසිය සඳහන් කළේ, අදාළ කාන්තාව හෙරෝයින් ජාවාරමේ නිරත කාන්තාවක බවයි.
ඇය නිවසේ රැඳී සිටියදී , යතුරු පැදියකින් පැමිණි දෙදෙනෙකු වෙඩි තැබීම සිදුකර පලාගොස් තිබේ.
තුවාල ලැබූ කාන්තාව මේ වනවිට ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටින්නී ය.
Previous Post Next Post