පළාත් සභා 6ක සහාය අගමැතිට හා ආණ්ඩුවට නෑ

අගමැති රනිල් වික්‍රමසිංහ ප්‍රමුඛ ආණ්ඩුවට සහාය ලබා නොදීමට,
පළාත් සභා හයක් ඊයේ
(16දා) රාත්‍රි තීරණය කළේය. දැනට පාලන බලය පවතින බස්නාහිර, දකුණ සහ ඌව පළාත් සභා තුනෙහි ප්‍රධාන ඇමැතිවරුන් සමග උතුරු මැද මධ්‍යම සහ වයඹ පළාත් සභා තුනෙහි හිටපු ප්‍රධාන ඇමැතිවරුන් බස්නාහිර පළාත් ප්‍රධ්‍ය ඇමැතිවරයාගේ නිල නිවෙසෙහි පැවැත්වූ සාකච්ඡාවකදී මෙම තීරණයට එළැඹ ඇත.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ යම් මන්ත්‍රීවරයකු වත්මන් රජයට සහාය ලබා දෙන්නේ නම් පක්ෂ සාමාජිකත්වයෙන් ඉවත්විය යුතු බවටද එහිදී තීරණය වී ඇත.

-ඉෂාරා සිල්වා-
Previous Post Next Post