රටේ ආරක්ෂාව දැඩි කෙරේ -මාධ්‍ය වලට හමුදා ආරක්ෂාව පොලිසියේ නිවාඩුත් අවලංගුයි


ඊයේ 26 ඇතිවූ දේශපාලන පෙරළියත් සමග දේශපාලන වශයෙන් බෙදුනු කන්ඩායම් අතර ඇතිවිය හැකි
ගැටලුකාරී තත්වයන් සැලකිල්ලට ගෙන වහාම ක්‍රියාත්මක වන පරිදි සියලුම තරාතිරම්වල පොලිස් නිලධාරීන්ගේ නිවාඩු අවලංගු කර ඇතැයි පොලිස් මූලස්ථානය කියයි.
හදිසි අවශ්‍යතාවයන් සඳහා

නිවාඩු ලබා ගන්නේ නම් පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන්ගේ අවසරය පරිදි සිදු විය යුතු බව පොලිස් මූලස්ථානය සියලු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් ඇතුළු පොලිස් නිලධාරීන්ට විශේෂ පොලිස් පණිවුඩයක් මගින් උපදෙස් දී ඇත.පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා වෙනුවෙන් පොලිස් අණදෙන තොරතුරු කොට්ඨාසයේ කාර්යභාර නිලධාරියාගේ අත්සනින් මෙම විශේෂ පොලිස් පණිවුඩය නිකුත් කර ඇත.
ඊයේ ජාතික රූපවාහිනී පරිශ්‍රයේ දේශපාලන දෙපිරිසක් අතර ඇතිවූ ගැටුම සහ  කිසියම් කඩාකප්පල්කාරී පිරිසක් ස්වාධීන රූපවාහිනියේ ප්‍රවෘත්ති මැදිරියට ගොස් එහි සිටි සේවකයෙන් කිහිපදෙනෙකු පන්නා දැමූ සිද්ධි නිසා රාජ්‍ය මාධ්‍ය ආයතනවලට හමුදා ආරක්ෂාව යෙදවීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා උපදෙස් දී ඇතැයි වාර්තා වේ.


Previous Post Next Post