Sinhala Edition English Edition
Facebook Official Fanpage Google+ Official Page Official Twitter Account Rss Feed

Latest News

Advertisement

https://www.gossiplankanews.com/2018/10/grade-5-exam-not-compasory.html#more

5 වසර ශිෂ්‍යත්වය විභාගය සඳහා පෙනී සිටීම සියලු දරුවන්ට අනිවාර්ය කරමින් මේ දක්වා බලපැවැත්වෙන චක්‍රලේඛය ඉවත් කිරීමට කටයුතු කරන්නැයි තමන් අධ්‍යාපන ලේකම්වරයාට උපදෙස් ලබා දුන් බව
අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා සඳහන් කළේය.

නුගේගොඩ අනුලා විද්‍යාලයේ වාර්ෂික ත්‍යාග ප්‍රදානෝත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස එක්වෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියේය.අධ්‍යාපන අමාත්‍යවරයා මෙම තීරණය ගෙන තිබෙන්නේ ශිෂ්‍යත්ව විභාගය ප්‍රතිව්‍යුහගතකරණය

සම්බන්ධ පත්කරනු ලැබූ සමාලෝචන කමිටුවේ නිර්දේශයන් ද සැලකිල්ලට ගනිමිනි.

ඊට හේතුව වී තිබෙන්නේ ශිෂ්‍යාධාර අපේක්ෂා නොකරන සහ ශිෂ්‍යත්ව විභාගයෙන් ජනප්‍රිය පාසල් අපේක්ෂා නොකරන සිසු දරුවන් පවා ශිෂ්‍යත්ව විභාගය ට පෙනී සිටිම හේතුවෙන් ශිෂ්‍යත්ව විභාගයේ තරගකාරිත්වය තවදුරටත් ඉහළ යා‍ම සහ දරුවන් මතට පැටවෙන අනවශ්‍ය බර ප්‍රමාණය වැඩි වීමයි. ඒ අනුව ඉදිරියේ දී කැමැත්ත අනුව ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටිම හෝ නොසිටීම තීරණය කිරිමට ඔවුන්ට අවකාශය හිමිවනු ඇති.

ශිෂ්‍යාධාර සඳහා රජය වාර්ෂිකව වැය කරන මුදල රුපියල් එක්කෝටි තිස්පන් ලක්ෂයකට ආසන්න වන අතර ශිෂ්‍යත්ව විභාගය පැවැත්වීමට පමණක් වැය වන මුදල රුපියල් කෝටි දෙකකට ආසන්න බව ද අනාවරණය වී ඇත.
මීට දින කිහිපයකට පෙර ඇමතිවරයා පවසා තිබුනේ ඉදිරියේදී ශිෂ්‍යත්ව විභාගය ගම්බද දරුවන්ට ශිෂ්‍යත්ව අරමුදල් ලබාදීමේ වැඩසටහනක් ලෙස පමණක් පැවැත්වීමටත් ජනප්‍රිය පාසල්වලට ඇතුළු කිරීමට 1980 දශකය දක්වා පැවති ආකාරයට ඒ ඒ පාසල් මට්ටමින් ප්‍රවේශ විභාගයක් පැවැත්වීම කෙරෙහි අවධානය යොමුවී ඇති  බවත්ය.









Gossip Lanka Previous News

තවත් පුවත්

Advertisement