
එම නිවසේ ඉහළ මහළේ තරප්පු පෙළ අසල දී තියුණු ආයුධයකින් පහර දී 55 හැවිරිදි කාන්තාවක ඝාතනයට
ලක්කර ඇත්තේ උදෑසන 3.30 ත් 4.00 ත් අතර කාලයේදීය. පසුව මියගිය අයගේ තරුණ වයසේ දියණියටද පහරදී තුවාල සිදු කර ඇති බව පැවසේ.
සිද්ධියෙන් මියගිය කාන්තාව ශ්‍රියානි කොඩිකාර ලෙස හඳුනාගෙන තිබේ.
තුවාල ලද තරුණිය මේ වනවිට රෝහල්ගතව ප්‍රතිකාර ලබයි.
තුවාල ලද තරුණිය හෝමාගම රෝහලට ඇතුළත් කර ඇති අතර ඇයගේ ප්‍රකාශ මත පෞද්ගලික විශ්ව විද්‍යාලයක කථිකාචාර්ය පෙම්වතා අත්අඩංගුවට ගැනීම සඳහා විශේෂ පොලිස් කණ්ඩායමක් යොදවා තිබේ.
සිද්ධිය පිළිබඳ වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මකය.
Tags:
Trending