මින් පසු ජාතික හැඳුනුම්පත් අලුතින් ගන්න රු100 අනුපිටපත් ගන්න රු500


2018.09.01 දින සිට බලපැවැත්වෙන පරිදි ලියාපදිංචි කිරීම හා පළමු වරට ජාතික හැඳුනුම්පතක් ලබා ගැනීම සඳහා ඉදිරිපත් කරන අයදුම්පත්‍රයකට අදාළව රුපියල් සියයක ගාස්තුවක් ගෙවිය යුතු බවට අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර ඇත.

අදාළ ගැසට්

නිවේදනය ඊයේ (09) ප්‍රකාශයට පත් කර තිබේ.

1968 අංක 32 දරන පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ පනත යටතේ, අභන්තර කටයුතු හා වයඹ සංවර්ධන පිළිබඳ අමාත්‍ය එස්. බී. නාවින්න මහතාගේ අත්සනින් යුතුව මෙම නිවේදනය නිකුත් කර තිබේ.

තවද මෙම ගැසට් නිවේදනයට අනුව 2018.09.01 දින සිට බලපැවැත්වෙන පරිදි ජාතික හැඳුනුම්පතක අනු පිටපතක් නිකුත් කිරීම සඳහා ගාස්තුව රුපියල් පන්සියයක් විය යුතු බව ද නියම වී තිබේ.
Previous Post Next Post