Sinhala Edition English Edition
Facebook Official Fanpage Google+ Official Page Official Twitter Account Rss Feed

Latest News

Advertisement

ඇසකට කාචයක් බද්ධ කරන්නට ගිය 91 ක් හැවරදි මවකට හම්බන්තොට දිස්ත්‍රික් මූලික රෝහලේ ඇස් වාට්ටුවේ වෛද්‍යවරයෙකු විසින් ශල්‍යාගාරය තුළදී යම් කිසි උපකරණයකින් ඇයගේ නළලට කිහිපවරක් පහර දීමේ සිද්ධියක් සම්බන්ධව වලස්මුල්ල රෝහල් පොලීසියට පැමිණිල්ලක් ලැබී ඇතැයි පොලීසිය පවසයි.
වෛද්‍යවරයාගේ පහර කෑමට ලක් වූ කාන්තාව පෙරේදා (08) සවස වලස්මුල්ල මූලික රෝහලට ඇතුළත් වී නේවාසිකව ප්‍රතිකාර ගන්නා බව වලස්මුල්ල රෝහල් ප්‍රකාශකයෙකු පැවැසීය.

වෛද්‍යවරයාගේ පහර කෑමට ලක් වු බව පවසන වලස්මුල්ල දළුවන්ගොඩ පදිංචි කුසුමාවතී කුමාරගේ නම්

එම කාන්තාව පවසන්නේ තමන්ගේ එක් ඇසකට කාචයක් බද්ධ කිරීම සඳහා පසු ගිය 07 වැනි දින හම්බන්තොට රෝහලට ඇතුළත් වූ බවයි. කාචය දමන්න මම පසුගිය 08 දා දහවල් ශල්‍යාගාරයට ගත්තා. මට හරි වැටෙන බේතක් වින්දේ නෑ. පසුව ඇහැට කාචය දමන්න හදන කොට මම දැගළුවා කියල වෛද්‍යවරයා යම්කිසි අඩුවකින් මගේ නළලට කිහිපවරක් තදින් ඇනගෙන ගියා. මම කෑ ගැසුවා. පසුව මට අමාරු වුණා. ඒ සම්බන්ධයෙන් මම රෝහල් අධ්‍යක්ෂවරයාටත් පැමිණිලි කළා . මට දැන් අමාරයි. ඒ නිසා මම පෙරේදා සවස (08) වලස්මුල්ල රෝහලට ඇතුළත් වුණා.

මේ පිළිබඳව විමසීමේදී හම්බන්තොට දිස්ත්‍රික් මූලික රොහලේ රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය දනුෂ්ක පෙරේරා මහතා පැවැසුවේ සිද්ධිය සම්බන්ධයෙන් රෝගියා විසින් තමන්ට (08) වැනි දින සවස පැමිණිලි කළ බවයි. මේ වෙන කොට එම පැමිණිල්ලට අනුව අභ්‍යන්තර පරික්ෂණයක් සිදු කරනවා අදාළ වෛද්‍යවරයා පැවැසුවේ එම රෝගියා ශල්‍යාගාරය තුළදී අධික ලෙස දැගලූ බවය. එම නිසා ශල්‍ය උපකරණයක් සමහර විට වදින්නට ඇති බවත් ඔහු කිව්වා. ඇසට ආබාධයක් නොවෙන්නට කටයුතු කළ බවත් අදාළ වෛද්‍යවරයා පැවැසුවා. මේ වන විට අදාළ  වෛද්‍යවරයාගෙන් ලිඛිතව නිදහසට කරුණු විමසා තිබෙනවා. රෝගියාට අසාධාරණයක් නොවන්නට වග බලා ගන්නවා  යැයිද රෝහල් අධ්‍යක්ෂවරයා කීය.

-චන්ද්‍රසේන ගමගේ-









Gossip Lanka Previous News

තවත් පුවත්

Advertisement