Sinhala Edition English Edition
Facebook Official Fanpage Google+ Official Page Official Twitter Account Rss Feed

Latest News

Advertisement


කොළඹ ප්‍රදේශ රැසක් හරහා හමා ගිය දැඩි සුළඟකින් නිවාස 153කට හානි වී තිබෙයි.
ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතා සඳහන් කළේ දෙහිවල,
කැස්බෑව, හෝමාගම, පිළියන්දල, මොරටුව ඇතුළු ප්‍රදේශවලට සුළං තත්ත්වය බලපා ඇති බව යි.

වැඩිම නිවාස සංඛ්‍යාවක් හානියට පත්ව ඇත්තේ, හෝමාගම ප්‍රදේශයේ යි.
එම සංඛ්‍යාව 75ක් බව ද ප්‍රදීප් කොඩිප්පිලි මහතා පැවසුවා.
මේ අතර කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පැවසුවේ දිවයින හරහා විශේෂයෙන් බස්නාහිර, මධ්‍යම, උතුරු මැද, උතුර, ඌව සහ වයඹ පළාත්වලත් ත්‍රිකුණාමලය අම්පාර සහ හම්බන්තොට යන දිස්ත්‍රික්කවලටත් විටින් විට පැයට කිලෝ මීටර් 50 ත් 60 ත් දක්වා ප්‍රහාරාත්මක සුළං ඇති විය හැකි බව යි.
මුහුදු ප්‍රදේශවල ද තද සුළං ඇති වීමේ හැකියාවක් පවතින බව එම දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා.









Gossip Lanka Previous News

තවත් පුවත්

Advertisement