Sinhala Edition English Edition
Facebook Official Fanpage Google+ Official Page Official Twitter Account Rss Feed

Latest News

Advertisement



විවාහක බිරිය සිටියදී තවත් විවාහයක් කර ගැනීමේ චෝදනාවකට වරද පිළිගත් 69 හැවිරිදි සැමියකුට දඩුවම් නියම කිරීම කළුතර ප්‍රධාන මහේස්ත්‍රාත් චන්දිම එදිරිමාන්න මහතා විසින් ජුලි මස 17 වැනිදාට කල්තබනු
ලැබීය.
කළුතර කොට්ඨාස විශේෂ වංචා විමර්ශන ඒකකය මගින් මෙම නඩුව පවරා තිබුණේ විත්තිකරුගේ 68 හැවරදි බිරිය කර තිබූ පැමිණිල්ලක් අනුවය.
තමා 1973 මැයි මස 07 වැනිදා සැමියා සමග ජිවාහවූ බවත් ඔහුගේ

පාර්ශවයෙන් කළුතර ප්‍රදේශයේ ජ්‍යෙෂ්ඨ නීතිඥයකු සාක්කියට අත්සන් කළ බවත් තමාගේ පාර්ශවයෙන් අත්සන් කළ අය මිය ගොස් ඇති බවත් ප්‍රකාශ කර ඇති පැමිණිලිකාරිය මොහු 2017 ජූනි මස 03 වන දින වයස අවුරුදු 48 ක්වූ කාන්තාවක සමග නැවත විවාහවී ඇති බව ප්‍රකාශ කර ඇත.
තමා විවාහ කරගත් කාලයේ සිටම සැමියා වෙනත් කාන්තාවක් ඇසුරු කිරීමට ලොල්වී සිටි අයකු බවද ඔහු විශාල බූදලයක හිමිකරුවකු බවද ඇය තවදුරටත් සඳහන් කර තිබේ. තමාට වයස අවුරුදු 47 ක් සහ 37 ක් වන පුතුන් දෙදෙනකු සිටින බවත් සැමියාගේ ක්‍රියාකලාපයෙන් ඔවුගේ නමට කැළලක් වන බවත් ඇය තවදුරටත් ප්‍රකාශ කර ඇත.
කළුතර කොට්ඨාස භාර පොලිස් අධිකාරී උපුල් නිල්මිණි ආරියරත්න මහතාගේ උපදෙස් මත කළුම්කර කොට්ඨාස විශේෂ වංචා විමර්ශන ඒකකයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක පී.ආර්. විජේකෝන්, පොලිස් සැරයන් (18236) ලංකාතිලක හා කාන්තා පොලිස් සැරයන් (1358) නාලිකා යන මහත්ම මහත්මීන් විසින් මෙම පැමිණිල්ල පිළිබඳව විමර්ශන සිදුකොට පෑමිණිල්ල ඉදිරිපත් කර තිබිණි.









Gossip Lanka Previous News

තවත් පුවත්

Advertisement