ගෝඨාභය 2020 බලයට ගෙන ඒමට එළිය නමින් සංවිධානයක්?


2020 පැවැත්වෙන ජනපතිවරණයේදී පොදු අපේක්ෂකයෙකු ලෙස ගෝඨාභය රාජපක්ෂ බලයට ගෙන ඒමේ අරමුණින් ප්‍රචාරණ ව්‍යාපාර නොබෝ දිනකින්ම ඇරඹෙනු ඇති බව දේශපාලන ආරංචි වාර්තා කරනවා.

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්‌ථාව

පරාජය කිරීමේ අරමුණින් හිටපු ආරක්‌ෂක ලේකම් ගෝඨාභය රාජපක්‌ෂ ගේ පුරෝගාමීත්වයෙන් "එළිය" නමින් සංවිධානයක්‌ ඒ අනුව එළි දැක්‌වීමට නියමිතය.
ව්‍යවස්ථා සංශෝධන අනතුර පිළිබඳ කතිකාව නමින් එහි පළමු සම්මන්ත්‍රණය මේ මස 06 වන දා
බොරලැස්ගමුවේ ගෝල්ඩන් රෝස් හෝටලයේදී පැවැත්වීමට නියමිතයි.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්‌ෂ මෙන්ම වෙනත් දේශපාලන නායකයන් සහ  විද්වතුන්, කලාකරුවන් වෘත්තීයවේදීන් ඇතුළු විශාල පිරිසක්‌ මෙම උත්සවයට සහභාගි වීමට නියමිතය.
පූජ්‍ය මහාචාර්ය මැදගොඩ අභයතිස්‌ස නාහිමි, විමල් තිරිමාන්න පියතුමා, හිටපු ආරක්‌ෂක ලේකම්
ගෝඨාභය රාජපක්‌ෂ, ජනාධිපති නීතිඥ මනෝහර ද සිල්වා, රියර් අද්මිරාල් සරත් වීරසේකර, මේජර්
ජනරාල් කමල් ගුණරත්න, හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල්, හිටපු එක්‌සත් ජාතීන්ගේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත තමාරා කුනනායගම්, හිටපු එක්‌සත් ජාතීන්ගේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත
ආචාර්ය දයාන් ජයතිලක, විශේෂඥ වෛද්‍ය සීනා අරඹේපොල ආදීන් මෙම සම්මන්ත්‍රණය අමතනු ඇත.

Previous Post Next Post