මුස්ලිම් ‘ට්‍රිපල් තලාක්‘ දික්කසාද ක්‍රමය ඉන්දියානු ශ්‍රේෂ්ඨාධිකරණයේ අභියෝගයට ලක්වේ


අද (2) දින ඉන්දියාවේ ප්‍රධාන පෙලේ පුවත්පත් සියල්ලම සිය ප්‍රධාන සිරස්තලය ලෙස යොදා ඇත්තේ එරට අධිකරණයේදී විමසන්නට යන ඉස්ලාම් ආගමික දික්කසාද නීතිය සම්බන්ධ ගැටලුවක් ගැනයි.

‘ට්‍රිපල් තලාක්‘
යනුවෙන් හඳුන්වන ඉස්ලාම් දික්කසාද ක්‍රමයකින් ඕනෑම මුස්ලිම් විවාහක සැමියෙකුට සිය බිරිය අමතා දුරකථනයෙන් හෝ තෙවරක් ‘තලාක්‘ යයි කියා සිටීමෙන් බිරියගෙන් දික්කසාදය ලබාගත හැකි ක්‍රමයක් කාලයක් තිස්සේ පැවතී ඇත.
එය කාන්තාවන්ගේ පැත්තෙන් අයිතිවාසිකම් බිඳදැමීමක් බවට පෙත්සම් ලැබීමෙන් පසු ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය විනිසුරන් 5 දෙනෙකුගේ මණ්ඩලයක් ඉදිරියේ මේ ගැන විමසන්නට තීන්දු කරන ලදි. මෙය ඉස්ලාම් නීතියේ අඩංගු නොවන දෙයක් යයි පෙත්සම් කරුවන් තර්ක කර තිබේ.
අද දින විභාගයට ගැනෙන මේ සම්බන්ධ පෙත්සම් 7 කින් 5 ක්ම මුස්ලිම් කාන්තාවන් විසින් ගොනු කළ ඒවා වීම විශේෂත්වයකි.
පෙත්සම් කරුවන් ඉල්ලා සිටින්නේ මෙයට මානව අයිතීන් කඩවන්නක් ලෙස අධිකරණ තීන්දුවක් ලබාදෙන ලෙසයි. ඒ අනුව එවැන්නක් සිදුවුවහොත් පසුව පාර්ලිමේන්තු පනතක් මගින් තලාක් ක්‍රමය බලරහිත කරන්නට ඉන්දියාවේදී හැකියාව ලැබෙනු ඇතැයි පැවසේ.
Previous Post Next Post