ස්විස් තරුණිය පැහැරගෙන ගොස් දූෂණය කළාට ත්‍රීරෝද රියදුරු රිමාන්ඩ්


පසුගිය 26දා  ස්විට්සර්ලන්ත  ජාතික 22 හැවිරිදි තරුණියක අනුරාධපුර පුදබිම නැරඹීමට පැමිණ  නවාතැන් ගෙන සිටි ස්ථානය සොයා ගැනීමට නොහැකිව අනුරාධපුර නගරයේ සිටියදී තරුණිය ත්‍රිරෝද රථ රියැදුරකු විසින් බලහත්කාරයෙන් පැහැර ගෙන ගොස් ඇය සිර කර තබා ගෙන බලහත්කාරයෙන් දූෂණය කර ඇති බවට පොලිසියට පැමිණිල්ලක් ලැබී තිබුණි.
තමා පැහැර ගෙන ගිය
පුද්ගලයා කවුරුන්ද යන්න ස්ථීරවම ප්‍රකාශ කිරීමට එම ස්විට්සර්ලන්ත තරුණියට නොහැකිවී වූ නිසා අනුරාධපුර නගරයේ වටරවුම්වල සවි කර ඇති සී.සී.ටී.වී. කැමරා සියල්ල නිරීක්ෂණයට ලක් කර  පැහැරගෙන ගිය ත්‍රිරෝද රථය සහ එහි රියැදුරු අත්අඩංගුවට ගැනීමට පොලිසියට හැකි විය.
විසි දෙහැවිරිදි ස්විට්සර්ලන්ත විශ්වවිද්‍යාල සිසුවිය තම මිතුරියන් කණ්ඩායමක් සමඟ මෙරට සංචාරයකට පැමිණ සිටි අතර අනුරාධපුර කලාපය පිලිබඳ අධ්‍යයනයක් සිදුකිරීමේ බලාපොරොත්තුවකින් පැමිණ තිබුණි.
 අනුරාධපුර නගරයේදී බලහත්කාරයෙන් පැහැර ගෙන ගොස් සිර කර තබා ගෙන බරපතළ ලෙස දූෂණය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අනුරාධපුර විජයපුර විජය මාවත ලිපිනයේ දලුවත්තගේ ප්‍රියන්ත කුමාර දලුවත්ත නමැති ත්‍රිරෝද රථ රියැදුරෙකු චෝදනා ලැබ පසුගියදා අධිකරණයට ඉදිරිපත් කෙරිණි.
සැකපිට අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කළ ත්‍රිරෝද රථ රියැදුරු මේ මස 11දා දක්වා රිමාන්ඩ් කරන ලෙස අනුරාධපුර ප්‍රධාන මහෙස්ත්‍රාත් සහ අතිරේක දිසා විනිසුරු හර්ෂණ කැකුණවෙල මහතා නියෝග කළේය.


Previous Post Next Post