ශ්‍රී ලංකා පිල නැවත පසුබසී‍


සංචාරක ඉන්දීය පිල සහ ශ්‍රී ලංකාව අතර පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගනයේ පැවැත්වෙන තුන්වන සහ අවසාන ටෙස්ට් තරඟයේ දෙවන දිනය අද විය.

අද (13) පළමු ඉනිමේ පන්දුවට පහරදුන් ඉන්දීය පිල කඩුලූ 09 ක් දැවී ලකුණු 487 ක් ලබා ගත්තේය.
හාර්දික් පාන්ඩ්‍යා නොදැවී ලකුණු 108 ක් ලබාගත් අතර ලක්ෂාන් සදකැන් ඉන්දීය පිලේ කඩුලූ 04 ක් බිද හෙලූ අතර, මලිින්ද පුෂ්පකුමාර කඩුලූ 03 ක් බිද හෙලීමට සමත් විය.
පසුව ටෙස්ට් තරගයේ පළමු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 135කට දැවී ගියේය.ඉනිමේ ඉහළම ලකුණු ලාභියා වූ දිනේෂ් චන්දිමාල් ලකුණු 48ක් රැස්කර ගැනීමට සමත් විය.
පන්දුවාර 37.04කදී ශ්‍රී ලංකා ඉනිම අවසන් වූ අතර ඒ අනුව  ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 352ක් පසුපසින් සිටිමින් දෙවන ඉනිමද ඇරඹීය.දිනය අවසන් වනවිට ලකුණු 19 ට කඩුළු 1 ක් වැටී තිබුණි.

Previous Post Next Post