මුරුක්‌කු කබැල්ලක්‌ සිරවී දරුවෙකු මියයයි


නිවසේදී සීයා විසින් ලබාදෙන ලද මුරුක්‌කු කෑල්ලක්‌ උගුරේ හිරවී අවු. 2 1/2 ක පිරිමි දරුවකු මියගොස්‌ ඇතිබව අවිස්‌සාවේල්ල පොලිසිය පවසයි.
මෙසේ මියගොස්‌
ඇත්තේ මාහියන්ගම පතාවල ප්‍රදේශයේ දරුවෙකි.
සිය සීයා විසින් විහාරස්‌ථානයේ උත්සවයකට සහභාගි වීමට සිය නිවසින් බැහැර යැමේදී කුඩා දරුවා හඬමින් පිටුපසින් පැමිණ ඇත. එම අවස්‌ථාවේදී දරුවාගේ හැඬීම වැළැක්‌වීමට සීයා මුරුක්‌කු කෑල්ලක්‌ දී ඇත. හඬමින් සිටි දරුවා එම මුරුක්‌කු කෑල්ල කෑමට ගැනීමේදී උගුරේ හිරවී අසාධ්‍ය වී ඇත. වහාම කොළඹ ජාතික රෝහලට ඇතුළත් කළත් දරුවා මියගොස්‌ ඇත.
කොස්‌ගම - ඡේ. ඒ. සී. ශාන්ත කුමාර
Previous Post Next Post