ඕස්ට්‍රේලියාවට බුර්කාව එපා කියන්න බුර්කාවකින් පාර්ලිමේන්තු ආ මන්ත්‍රීවරිය

ඕස්ට්‍රේලියාවට බුර්කාව එපා කියන්න
බුර්කාවකින් සැරසී පාර්ලිමේන්තු ආ මන්ත්‍රීවරිය

ඕස්ට්‍රේලියා‍ව තුළ මුස්ලිම් සංස්කෘතික විරේධයන් සම්බන්ධ කථාබහ මේ දිනවල තදින් සිදුවේ. මේ අතරවාරයේ ඔස්ට්‍රේලියාව තුළ මුස්ලිම් කාන්තාවන් බුර්කාව ඇඳීම තහනම් කළ යුතු බව කියන එරට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයක ඊයේ (17දා) බුර්කාවකින් සැරසී පාර්ලිමේන්තුවට පිවිසියාය.
එසේ පැමිණියේ
එරට වන් නේෂන් පක්ෂයේ නායිකා පෝලින් හැන්සන්ය.
සම්පූර්ණයෙන්ම මුහුණ ආවරණය වන ඇඳුමකින් සැරසී පාර්ලිමේන්තුවට පැමිණ අසුන් ගැනීම සියලු මන්ත්‍රීවරුන්ගේ විමතියට හේතු විය. ඇය පවසන්නේ සම්පූර්ණ මුහුණු ආවරණය නිසා ඉදිරියේදී ඕස්ට්‍රේලියාවේ ආරක්ෂාව සම්බන්ධ ගැටලු මතු විය හැකි බවයි.වර්තමානයේ යුරෝපය ඇතුළු බටහිර ලෝකය මුහුණදෙන ත්‍රස්ත ප්‍රහාර ඇය සිහි කැඳවා ඇත.ඇය පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කළ මෝසම ඊයේ දිනයේදී විවාදයට ගැනීමට නියමිතව තිබුණි.
කෙසේ නමුත් එරට නීතිපතිවරයා මන්ත්‍රීවරියගේ ක්‍රියාව හෙළා දැක ඇති අතර, එවැනි තහනමක් ගෙනඒම ඕස්ට්‍රේලියානු බහු සංස්කෘතික රාජ්‍ය නීතිරීති අනුව අපහසු බව ප්‍රකාශ කර තිබේ.
ඇය විසින් සිදුකළ ක්‍රියාව අද ඕස්ට්‍රේලියානු පුවත්පත්වලද ප්‍රධාන සිරස්තලය ලෙස සටහන් විය.

Previous Post Next Post