ඊයේ මහනුවර පල්ලෙකැලේ ක්‍රීඩාංගණයේදී පැවැති තරගයෙන් අනතුරුව පැවැති මාධ්‍ය හමුවේදී
මෙම තරගාවලිය තම අවුරුදු 8ක ජාත්‍යන්තර ක්‍රිකට් දිවිය තුළ තමන් මුහුණ දුන් අසීරුතම තරගාවලිය බව ශ්‍රී ලංකා නායක දිනේෂ් චන්දිමාල් පවසා සිටියේය.
තවදුරටත් අදහස් දැක්වූ ශ්‍රී ලංකා නායකයා පැවැසුවේ පරාජයේ සියලු වගකීම තමන් විසින් භාරගන්නා බවය. "අපිට ඕන වුණා හැකි පමණ සටන් කරන්න. ඒත් අපේ අවාසනාවට ඒක කරගන්න බැරි වුණා. අපට එක දිගට දක්ෂතාවන් පෙන්වන්න නොහැකි වීම විශාල ප්‍රශ්නයක්. ජේයෂ්ඨ ක්‍රීඩකයන් වශයෙන් අපි නවක
කෙසේ වෙතත් ඊයේ ලැබූ ජයග්‍රහණය සම්බන්ධයෙන් ඉන්දීය නායක විරාත් කෝලි පැවැසුවේ නායකයා ලෙස කණ්ඩායම පිළිබඳව ගෞරවයක් තමන් තුළ ඇති බවය. "අපි හැම අතින්ම ඉදිරියෙන් සිටියා. මගේ කණ්ඩායමේ සියලු දෙනා දන්නවා ඔවුන්ගේ වගකීම මොකක්ද කියලා. ඔවුන් ඔවුන්ගේ වගකීම නිසි ලෙස ඉටුකළ නිසා නායකයා විදියට මට කිසිම පීඩනයක් නැහැ" යනුවෙන් කෝලි කීය.
Tags:
Trending