නලයක් පිපිරී මහරගම - පාදුක්ක අවට ජල සැපයුමට බාධා

කලටුවාව ජලාශයෙන් ජලය බෙදාහරින ප්‍රධාන නල මාර්ගයක ඇති වු හදිසි බිඳවැටීමක් හේතුවෙන් හෙට(29) අලුයම 4.00 දක්වා ජල සැපයුම ප්‍රදේශ කිහිපයක අත්හිටුවන බව ජාතික ජලසම්පාදන හා ජලප්‍රවාහන
මණ්ඩලය සදහන් කරයි.


ඒ අනුව මහරගම, බොරලැස්ගමුව,කොට්ටාව, පන්නිපිටිය, රුක්මල්ගම, පැලැන්වත්ත, මත්තේගොඩ, හෝමාගම, මීපේ හා පාදුක්ක යන ප්‍රදේශවලට ජල සැපයුම අත්හිටුවනු ඇත.

ජල සැපයුම අත්හිටුවීම හේතුවෙන් පාරිභෝගිකයින්ට සිදු වන අපහසුතාවය පිළිබඳ මණ්ඩලය සිය කණගාටුව ප්‍රකාශ කරයි.

කෙසේ වෙතත් ජලය අරපිරිමැස්මෙන් යුතුව භාවිතා කර සහයෝගය ලබා දෙන ලෙස ද අදාළ ප්‍රදේශවල ජනතාවගෙන් මණ්ඩලය ඉල්ලීමක් ද කරනු ලැබේ.

Previous Post Next Post