කුරුඳුගහහැතැප්ම තැපැල් කාර්යාලය ගිනිගෙන ස්ථානාධිපතිනිය මරුට

අද උදෑසන ගාල්ල ඇල්පිටිය කුරුඳුගහහැතැප්ම ප්‍රදේශයේ පිහිටි උප තැපැල් කාර්යාලයක ඇතිවූ හදිසි
ගින්නක් හේතුවෙන්

කාන්තාවක මියගියා.
මියගොස් ඇත්තේ එම තැපැල් ස්ථානයේ ස්ථානාධිපිතිනිය බවද වාර්තා වුණා. ගින්නට හේතුව මෙතෙක් අනාවරණයවී නැත.
තැපැල් කාර්යාලය කුඩා ස්ථානයක පිහිටා ඇති බවත් ගින්න පැතිරුණ ස්වරූපය අනුව එයින් මිදී පළායන්නට බැරිව ස්ථානාධිපතිනිය සිරවන්නට ඇති බවටත් පොලිසිය සැක පළ කරනවා.
ගින්න නිවීමේ කටයුතු මේ වනවිටත් සිදුවෙමින් පවතී.
Previous Post Next Post