ඉන්දුනීසියාවේ 6.4 භූ කම්පනයක් - අවධානයෙන් සිටින්න DMC කියයි


අද උදෑසන ඉන්දුනීසියාවේ සුමාත්‍රා දූපතට බටහිරින් මුහුදේ රික්ටර් ර්කක 6.4 ක භූ කම්පනයක් සිදුවී ඇත.
මුහුදේ කිලෝමීටර 73 ක්
ගැඹුරින් ඇතිවූ කම්පන තත්වය නිසා සුනාමියක් ඇතිවේ යයි ඉන්දුනීසියාව තවම අනතුරු අඟවා නැත. සිදුවූ අනතුරු ගැන වාර්තාද නැත.
කෙසේ වෙතත් මෙම භූ කම්පනය ගැන අවදානය යොමු කර ඇති ශ්‍රී ලංකාවේ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ කාර්යභාර නිලධාරී ප්‍රදීප් කොඩිප්පිලි ලංකාවට මෙයින් සුනාමි අවදානමක් නැතත් අවධානයේන් සිටින්නැයි දන්වා මාධ්‍ය නිවේදනයක් නිකුත් කර තිබේ.
Previous Post Next Post