සිලි බෑග් වෙනුවට ඉකෝ බෑග් ගෙනාවොත් ෆුඩ් සිටියෙන් පොයින්ට් 5 ක් කීල්ස් එකෙන් රුපියල් 4 ක්


සිලි බෑග් වෙනුවට ඉකෝ බෑග් ගෙනාවොත්
ෆුඩ් සිටියෙන් පොයින්ට් 5 ක්
කීල්ස් එකෙන් රුපියල් 4 ක්

ලබන මස 1 වනදා සිට දිවයින පුරා ක්‍රියාත්මක වල පොලිතින් බෑග් තහනම නිසා නිරන්තරයෙන්ම සිලි බෑග් වලින් තම පාරිභෝගිකයින්ට භාණ්ඩ අසුරා දුන් සුපිරි වෙළෙඳ සල් විකල්ප ක්‍රම වලට යොමුවෙමින් පවතී.
ඒ සඳහා පොලිතින් වල රජය මගින් තහනම් නොකළ කාණ්ඩ යටතේ
නිෂ්පාදිත අසුරන
හඳුන්වාදීමට නියමිත අතර ඒවා පෙර ඒවාට වඩා වැඩි නිස්පාදන වියදමක් දරන්නට සිදුවන නිසා සුපිරි වෙළෙඳ සල්  එම අසුරන ඉදිරියේදී නොමිලේ ලබා නොදෙන ඇතැයිද සුළු මිලක් අයකරනු ඇතැයිද ආරංචි පැතිර තිබේ.
මේ අතර දිවයිනේ ප්‍රධාන පෙළේ සුපිරි වෙළෙඳසල් දෙකක් වන කීල්ස් සුපර් හා කාර්ගීල්ස් ෆුඩ් සිටි තමන්ගේ පාරිභෝගිකයින්ට හඳුන්වාදී තිබෙන පරිසර හිතකාමී අසුරන කෙරෙහි මහජන උනන්දුව වැඩි කරන්නට උපායශීලී පියවරද ගෙන තිබේ. ඒ අනුව කීල්ස් සුපර් සුපිරි වෙළෙඳ සලකින් ඔවුනගේ වෙළෙඳ නාමය සහිත පරිසර හිතකාමී අසුරනවලට බඩු පුරවාගෙන යාමේදී එක අසුරනයකට රුපියල් 4 බැගින් එවෙලේම ලබාදෙයි. ඒ අනුව යමින් කාගිල්ස් ෆුඩ් සිටියෙන්ද ඔවුනගේ අසුරනවලට බඩු අසුරාගෙන යාමේදී ඔවුන් පාරිභෝගික කාඩ් පතට පොයින්ට් 5 ක් එකතුකරයි.
මේ කියන පරිසර හිතකාමී අසුරන අදාළ සුපිරි වෙළෙඳ සල්වලම විකුණන්නට තබා ඇත.
ඒ අනුව ඉදිරියට සුපිරි වෙළෙඳ සල්වලට යන පාරිභෝගිකයින්ට කල් ඇතිව අසුරන රැගෙන යාම වාසි දායක තත්වයක්ද මතු කර ඇත.

Previous Post Next Post