කෙසෙල් කැබැල්ල සිරවී අවුරුදු දෙකයි මාස තුනේ දරුවා මරුට

කෙසෙල් කැබැල්ලක් උගුරේ හිරවීමෙන් අවුරුදු දෙකයි මාස තුනක පිරිමි දරුවකු මියගිය අවාසනාවන්ත පුවතක් වැල්ලවාය කණ්ඩියාය ගම ප්‍රදේශයෙන් වාර්තා වෙයි.
මෙසේ
මියගොස් ඇත්තේ වැල්ලවාය ආණපල්ලම කණ්ඩියායගම පදිංචිව සිටි කේ.ආර්. දසුන් ලක්සර නමැති දරුවෙකි.
නිවෙසේ භාගෙට ඉදෙමින් තිබූ සීනි කෙසෙල් කැනක ගෙඩියක් මේ දරුවා කෑමට යද්දී එය උගුරේ හිරවීම නිසා මේ අනතුර සිදුවී තිබේ. සිද්ධිය වූ අවස්ථාවේ දරුවාගේ මවුපියන් එළිමහනේ ගඩොල් අස්කරමින් සිට ඇත.

අසාධ්‍ය වූ දරුවා රෝහලට රැගෙන එන අවස්ථාවේදී අතරමඟදී මියගොස් තිබේ.
මෙවැනි අවස්ථාවක කළ යුතු ප්‍රථමාධාර සම්බන්ධයෙන් දැනුවත්ව සිටියා නම් දරුවා බේරාගැනීමට ඉඩ තිබූ බව එම සිද්ධිය ආවරණය කිරීමට ගිය මාධ්‍යවේදීන් වෙත අදහස් දක්වමින් කියා සිටියහ.

වැල්ලවාය - ජී.අයි. රොෂාන්
Previous Post Next Post