ස්ට්‍රයික් ආණ්ඩුවෙ ෂෙඩ් විතරයි අයි.ඕ.සී. තෙල් ගහනවා


රජයට අයත් ඛණිජ තෙල් සේවකයින් වර්ජනයක නිරතවීම නිසා අද දිනයේ ඉන්ධන පිරවුම්හල් රැසක් වසා තිබෙන නමුත් හිඟයකින් තොරව දිවයින පුරා ඉන්ධන බෙදා හැරීම සඳහා විධිමත් සැළසුමක් ක්‍රියාවට නංවා
ඇතැයි ඉන්දියානු
තෙල් සමාගමක් වන අයි ඕ සී සමාගම පවසනවා.
එහි කළමණාකාර අධ්‍යක්ෂ ශ්‍යාම් බෝරා සඳහන් කළේ ත්‍රිකුණාමලයේ පිහිටි තෙල් ටැංකි සංකීර්ණයෙන් අතිරේක බවුසර් රථ යොදවා දිවයින පුරා පිහිටි තම සමාගමේ පිරවුම්හල් වෙත ඉන්ධන බෙදා හැරිම මේ වනවිට සිදු කෙරෙන බවයි.
අවශ්‍ය තරම් ඉන්ධන තොග තමන් සතුව ඇති බවත් එම නිසා කිසිදු හිඟයකින් තොරව පාරිභෝගිකයන්ට ඉන්ධන ලබාදිය හැකි බවත් ඔහු කියා ඇත. එම පිරවුම්හල් 202 ක් දිවයින පුරා පිහිටා තිබේ.

Previous Post Next Post