පන්දුවක් වැදී තුවාල වූ අසේල ගුණරත්න හදිසි ප්‍රතිකාර සඳහා කොළඹට

අද දින ගාල්ලේදී ඇරඹි ඉන්දියානු-ශ්‍රී ලංකා පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය අතරතුර පන්දුවක් අතේ වැදීමෙන්
ආබාධයකට ලක්වූ
ශ්‍රී ලංකා ක්‍රීඩක අසේල ගුණරත්න වැඩිදුර ප්‍රතිකාර සඳහා කොළඹට රැගෙනවිත් තිබෙනවා.
14 වන පන්දුවාරයේදී දෙවන ස්ලිප් පන්දු රකින්නා ලෙසින් සිටියදී ලහිරු කුමාර විසින් යොමුකළ පන්දුකට ශිකර් ධවාන් විසින් ලබාදුන් උඩපන්දුවක් රැකගැනීමට යාමේදී ඔහුගේ වම් අතේ පන්දුව වදින අවස්තාවේ මෙම ආබාධයකට ලක්ව තිබෙනවා.
එම අවස්ථාවේ වෛද්‍යවරුන්ගේ පරීක්ෂාකිරීම් වලින් අනතුරුවයි ඔහු වැඩිදුර ප්‍රතිකාර සඳහාකෛාළඹට ගෙන ආවේය. ඔහුට මෙම තරගයේ ඉදිරියට ක්‍රීඩා කිරීම අවිනිශ්චිත තත්වයක් උදාවී ඇතැයි කළමණාකරු අසංක ගුරුසිංහ දන්වා ඇත.
Previous Post Next Post