අපොස උසස් පෙළ විෂයක් ලෙස ක්‍රීඩා එක් කෙරෙයි


26 වන ජාතික පාසල් දැල්පන්දු ශූරතාවලිය ලබන මාසයේදී පැවැත්වීමට යාම පිළිබද දැනුවත් කිරීමේ මාධ්‍ය
හමුවකට එක්වූ අධ්‍යාපන

අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා උසස් පෙළ විෂයට අලුතින් එක්කරන විෂයක් ගැන පැහැදිලි කළේය.
අපොස උසස් පෙළ විෂයන් අතරට ක්‍රීඩා ද එක් කිරීමට සැලසුම් සකස් කර ඇති බව අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා එහිදී කියා සිටියේය.
සාමාන්‍ය පෙළ විභාගයෙන් පසු ක්‍රීඩා විෂයෙන් දරුවන් ඈත්වීම පාසල් සිසුසිසුවියන්ගේ ක්‍රියාශීලීත්වයට බාධාවක් බවත් උසස් පෙළ තරගය නිසා දරුවන් ශාරීරික යෝග්‍යතාව අමතක කරලීම හිතකර නොවන බවත් ඇමතිවරයා පෙන්වා දුන්නේය.

එමෙන්ම පාසල් දරුවන් වෙනුවෙන් හඳුන්වා දුන් රක්‍ෂණාවරණය ලබන මාසයට පෙර ක්‍රියාවට නංවන බවද එහිදී අමාත්‍යවරයා සදහන් කළේය.



Previous Post Next Post