පවුල් ආරවුලකට මැදිවී බෑනාගෙන් පිහි පහර කෑ නැන්දම්මා මරුට

මාතලේ, මහවෙල පොලිස් වසමට අයත් පල්දෙණිය ප්‍රදේශයේදී සිය බිරියට, නැන්දම්මාට හා සිය දියණියට පිහියෙන් ඇන පලාගිය සැමියා සොයා මහවෙල පොලිසිය පරීක්ෂණ ආරම්භ කර ඇත.
පිහි ඇනුම
හේතුවෙන් බිරියගේ මව මියගොස් තිබේ.
ඇය උසාවිය පාර, මහවෙල පල්දෙනිය ලිපිනයේ පදිංචිව සිටි මොහන්දිරම්ලාගේ ගෙදර පේමාවතී නමැති 58 හැවිරිදි කාන්තාවකි.
පිහි ඇනුමට ලක්වූ සැකකරුගේ බිරිය හා විසි හැවිරිදි දියණිය බරපතළ තත්ත්වයෙන් මාතලේ මහ රෝහලේ ප්‍රතිකාර ලබන බව පොලිසිය කියයි. පොලිසිය සඳහන් කළේ සිදුකළ මූලික පරීක්ෂණවලදී හෙළිව ඇත්තේ පවුලේ ආරවුලක් හේතුවෙන් ඝාතනය සිදුව ඇති බවයි.
මහවෙල පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කර තිබේ.

පල්ලේපොල - ප්‍රසන්න
Previous Post Next Post