මාලදිවයින් දෝෂාභියෝගයට බාධා කරමින් හමුදාව පාර්ලිමේන්තුවේ


මාලදිවයින් කතානායකට එරෙහි දෝෂාභියෝගය ඡන්දය දීම වළක්වාලමින් එරට හමුදාව විසින් පාර්ලිමේන්තුව වටලා තිබෙයි.
විදෙස් මාධ්‍ය පැවසුවේ මාලදිවයින් ජනාධිපති අබ්දුල් යාමින්ගේ නියෝගයක් මත එරට හමුදාව පාර්ලිමේන්තුව වටලා තිබෙන බවයි.
කථානායකවරයාට එරෙහි
දෝෂාභියෝගය ඡන්ද විමසීමක් පැවැත්වීම වැළැක්වීමේ අරමුණින් ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව වටලන ලෙස හමුදාවට නියෝග කර ඇති බවයි මාලදිවයින් විපක්ෂය උපුටා දක්වමින් එම මාධ්‍ය වාර්තා කර ඇත්තේ.

මාලදිවයිනේ ජනාධිපති යාමීන් අබ්දුල් ගයූම්ගේ නියෝග මත පාර්ලිමේන්තුවේ දොරටු වසා දමා මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තු භූමියට පිවිසිමෙන් වැළැක්වීමට හමුදාව පියවර ගත් බව එරට විපක්ෂය වන මාලදිවයින් ඩිමොක්‍රටික් පක්ෂය මාධ්‍ය වෙත ප්‍රකාශ කර ඇත.

මාලදිවයින් ජනාධිපතිවරයාගේ මෙම ක්‍රියාව නීති විරෝධි සහ ව්‍යවස්ථාවට පටහැනි දෙයක් බව ද විපක්ෂය නිකුත් කළ ප්‍රකාශයක සඳහන් වන බව විදෙස් මාධ්‍ය කියා සිටියේය.

එහෙත් මාලදිවයින් රජය මේ සම්බන්ධයෙන් මෙතෙක් කිසිදු නිල ප්‍රකාශයක් නිකුත් කර නැහැ.

මාලදිවයින් පාර්ලිමේන්තු කථානායක අබ්දුල්ලා මසීෂ් මොහොමඩ්ට එරෙහි දෝෂාභියෝගයේ ඡන්ද විමසීම අද(24) පැවැත්වීමට නියමිතව තිබුණි.


Previous Post Next Post