ගාල්ල වඳුරඹ බස්-බස් අනතුරින්– 15කට තුවාල


ගාල්ල වඳුරඹදී බස් රථ දෙකක් මුහුණට මුහුණ ගැටීමෙන් අද උදෑසන 8.30ට පමණ සිදුවූ අනතුරකින් තුවාල ලැබූ මගීන් 15ක් ගාල්ල කරාපිටිය රෝහලට ඇතුළත් කර තිබේ.

වඳුරඹ දෙස සිට ගාල්ල දෙසට ධාවනය වූ ඇඟළුම් සේවකයන් පිරිසක් රැගත් බස් රථයක් හා ගාල්ල දෙස සිට මාපලගම දෙසට ධාවනය වූ පෞද්ගලික බස් රථයක් මෙසේ මුහුණට මුහුණ ගැටී ඇත්තේ කිහිඹිකන්ද ප්‍රදේශයේදීය.
තුවාල ලැබූවන් ගාල්ල කරාපිටිය රෝහලට ඇතුළත් කර ඇත. බස් රථ දෙකෙහි රියදුරන් වඳුරඹ පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත.

Previous Post Next Post