
අම්මා කෙනෙක් විදියට හැම දරුවෙක් දිහාම මම බලන්නේ එක හිතින්.
මමත් අම්මා කෙනෙක් විදියට මගේ දරුවට විතරක් නෙමෙයි
සාරංග මේ කටකතා ගැන ඔබට කලින් කියලා තිබුණද?
කටකතා හැදෙන ඒවා අපට නතර කරන්න බැහැනේ. ඒ හැමදේම උපේක්ෂාවෙන් ඉවසන එක තමයි හොඳම දේ. දරුවෙකුට වුනත් විවාහ වුණාටෙ පස්සේ අම්මට කියන්න බැරි දේවල් තියෙනවා. අම්මාට හැමදේම කියන්න කියලා නීතියක් නැහැනේ. කවදාවත් කිසිම ප‍්‍රශ්නයක් පුතා මට කියලා නෑ. කියන්නෙත් නෑ. ඒක එයාලගේ ජීවිතේනේ.
උමාලි සාරංග විවාහය දෙදරයි කියලා ගොසිප් නිර්මාණය වෙද්දී ඇයි නිහඬව ඉන්නේ.?
එහෙම කතාවක් පැතිරිලා තියෙනවා. දෙන්නම මගේ දරුවෝ. පවුල් ප‍්‍රශ්න ඇතිවීම සාමාන්‍ය දෙයක්. ඒ ප‍්‍රශ්න විසඳගන්න ඕන ඒ දෙන්නා. ඒ ප‍්‍රශ්නය කොයි විදියට විසෙක්‍ෂයිද කියලා මට කියන්න බෑ. ඒ දෙන්නා හොඳ විදියට මේ ප‍්‍රශ්නය විසඳගනීවි කියලා මම හිතනවා. පුංචි පුංචි ප‍්‍රශ්න තියෙනවා. ඒවා පවුල් ජීවිතේක සාමාන්‍ය දේවල්. අම්මා කෙනෙක් විදියට උඩ බලාගෙන කෙළ ගහාගන්න මම කැමති නෑ. ජනප‍්‍රිය වුනාම කතා හැදෙන එක සාමාන්‍ය දෙයක්. ඒත් මේවගේ චරිත ඝාතන කරන්න එපා. සාරංග ජනතාවගේ නළුවා වුණාට ඔහුට කියලා පෞද්ගලික ජීවිතයක් තියෙනවා.
ඔවුන් සමගි කරන්න ඔබ සටන් කරනවාද?
මොන අම්මාද කැමති දරුවන්ගේ ජීවිතවල ප‍්‍රශ්න ඇති වෙනවට නදීශා අතුකෝරළ Courtesy By -Sunday Lankadeepa
Tags:
Celebrity