විවාහය කියන්නේ එක රාමුවක් -ෂෙරිල් ඩෙකර්

gossiplanka image 1
 


ජනප්‍රිය ගායන ශිල්පී රුවන් හෙට්ටිආරච්චි කියන්නේ ක්ෂේත්‍රයේ කාගේත් ආදරය දිනාගත්ත වගේම, ප්‍රකට රංගන ශිල්පිනී ෂෙරිල් ඩෙකර් සමඟින් ඉතාමත් සුන්දර, ආදර්ශමත් පවුල් ජීවිතයක් ගෙවන කෙනෙක්.


මෑතකදී රූපවාහිනී වැඩසටහනකට එක්වෙමින්, සාර්ථක පවුල් ජීවිතයක තියෙන්න ඕන වටිනාම රහසක් ගැන ඔහු හදවතටම දැනෙන අදහසක් බෙදාගෙන තිබුණා.


“විවාහය කියන්නේ එක රාමුවක්… ඒ රාමුව ඇතුළේ ඉන්න ඕනේ ඔයයි ඔයාගේ සහකාරියයි විතරයි!”


“දෙමව්පියන්ට, යාළුවන්ට ආදරය, සැලකිල්ල තියෙන්න ඕනේ. ඒකට කිසිම බාධාවක් නැහැ… හැබැයි කිසිම කෙනෙකුට මේ රාමුව ඇතුළට ඇඟිලි ගහන්න ඉඩ දෙන්න එපා!


අද සමාජයේ ගොඩක් පවුල් ජීවිත කැඩෙන්නේ, ආරවුල් ඇතිවෙන්නේ අන්න ඒ රාමුව ඇතුළට අනවශ්‍ය අයව දාගන්න ගියාමයි. දෙන්නා අතර තියෙන බැඳීම, විශ්වාසය සහ පෞද්ගලිකත්වය රැකගන්න එකයි විවාහයක සාර්ථකත්වයට වැදගත්ම දේ…”

gossiplanka image 1
gossiplanka image 2
gossiplanka image 3
gossiplanka image 4
Previous Post Next Post