පුබුදුගෙන් මාෂිට ලැබුණු ආදරණීයම Birthday Wish එක..

gossiplanka image 1
 



ජනප්‍රිය රංගන ශිල්පී පුබුදු චතුරංග සිය ආදරණීය බිරිඳ වන මාෂි සිරිවර්ධනගේ උපන්දිනය වෙනුවෙන් තැබූ ආදරණීය සටහනක් මේ වනවිට කාගේත් අවධානය දිනාගන්නා සුන්දර ආදර පණිවිඩයක් බවට පත්ව තිබෙනවා. 


තම බිරිඳට උපන්දිනය වෙනුවෙන් සුබපැතුම් එක් කරමින් පුබුදු පළ කර තිබූ එම සටහනේ වචන කිහිපය තුළ ගැබ්ව තිබුණේ ආදරය, විශ්වාසය සහ ජීවිත කාලය පුරාම එකම කෙනෙකු තෝරාගැනීමේ සුන්දරත්වයයි.


“මට ජීවිත දහසක් ජීවත් වෙන්න ලැබුණත්, ආදරය කරන්න හදවත් දහසක් ලැබුණත්, ඒ හැම ජීවිතයකදීම මගේ බිරිඳ වෙන්න මම තෝරාගන්නේ ඔයාවමයි” යන අරුත ගෙනෙන ඔහුගේ ආදරණීය වදන්, ආදරය කියන්නේ එක් දවසකට හෝ එක් ජීවිතයකට පමණක් සීමා නොවන හැඟීමක් බව මතක් කර දෙනවා.


ආදරය පිරුණු ඒ වචන අතරින් තම බිරිඳ කෙරෙහි පුබුදුගේ හදවතේ ඇති ආදරය කෙතරම් ගැඹුරුද යන්න අපූරුවට කියාපානවා.


ජීවිතයේ සතුටේදීත් දුකේදීත් එකිනෙකා තෝරාගැනීම, එකිනෙකා වෙනුවෙන් සිටීම සහ ආදරය රැකගැනීම සැබෑ ආදරයක වටිනාකම බව ඔහුගේ මේ සුබපැතුමෙන් නැවතත් සිහිපත් වෙනවා.


ඉතින්, සිය ආදරණීය බිරිඳගේ උපන්දිනය වෙනුවෙන් මේ තරම් හැඟීම්බර සුබපැතුමක් එක් කළ පුබුදුගේ ආදර වදන්වලට රසික රසිකාවියන්ගේත් ආදරය හිමිවනු නොඅනුමානයි.


'' If I had a thousand lifetimes to live,

A thousand hearts with love to give,

In every life, through joy and strife,

I’d still choose you to be my wife.

Happy Birthday, my forever love.. '' 

gossiplanka image 1
gossiplanka image 2
gossiplanka image 3
gossiplanka image 4
Previous Post Next Post