ඉන්පසුව ඇය ‘Suicide Squad’ චිත්‍රපටයේ Harley Quinn ගේ චරිතයට පණ පෙවූ අතර, එම චරිතය ලොව පුරා අතිශය ජනප්‍රිය සංස්කෘතික සංකේතයක් බවට පත් වුණා.Margot Robbie කියන්න් එකම රාමුවකට කොටු නොවන, ඕනෑම අභියෝගාත්මක චරිතයක් නිරූපණය කළ හැකි නිළියක්. ඇයගේ රංගන පරාසය කෙතරම්ද යන්න ‘i, Tonya‘ (2017) චිත්‍රපටයෙන් මනාව පැහැදිලි වුණා. එහි ඇය දැක්වූ දක්ෂතාවය වෙනුවෙන් හොඳම නිළියට හිමි ඔස්කාර් සම්මානය සඳහාද නිර්දේශ වුණා. ඉන්පසු Bombshell (2019), ‘Once Upon a Time in Hollywood‘ (2019) සහ ‘Babylon‘ (2022) වැනි සිනමාපට හරහා ඇය හොලිවුඩයේ සිටින දක්ෂතම සහ ඉල්ලුමක් ඇති නිළියක් බව නැවත නැවතත් ඔප්පු කළා.Margot Robbie සෙසු නිළියන්ගෙන් වෙනස් වන්නේ ඇය සිනමාවේ තිරය පිටුපස සිට සිදුකරන කාර්යභාරය නිසාවෙන්. ඇය 2014 වසරේදී සිය සැමියා වන ටොම් ඇකර්ලි සමඟ එක්ව ‘LuckyChap Entertainment‘ නමින් නිෂ්පාදන සමාගමක් ආරම්භ කළා. මෙහි මූලික අරමුණ වූයේ කාන්තා කේන්ද්‍රීය කතා පුවත් සිනමාවට නැඟීම සහ කාන්තා සිනමාකාරිනියන්ට අවස්ථාව ලබා දීමයි.මෙම සමාගම හරහා ඇය නිෂ්පාදනය කළ ‘Promising Young Woman‘,‘i, Tonya‘ සහ මෑතකාලීන ‘ී්කඑඉමරබ‘ වැනි චිත්‍රපට විචාරක පැසසුමට මෙන්ම වාණිජමය වශයෙන්ද ඉහළ සාර්ථකත්වයක් ලැබීය. රංගනයෙන් ඔබ්බට ගොස් චිත්‍රපට නිෂ්පාදනයට යොමුවීම ඇය සිනමා කර්මාන්තය තුළ ලබාගත් විශාල ජයග්‍රහණයකි.Margot Robbie සිනමා ජීවිතයේ ස්වර්ණමය සන්ධිස්ථානය සනිටුහන් වූයේ 2023 වසරේ තිරගත වූ ‘Barbie‘ චිත්‍රපටයත් සමඟින්.
ඇය එහි ප්‍රධාන චරිතය රඟපෑවා පමණක් නොව, එහි ප්‍රධාන නිෂ්පාදකවරිය ලෙසද කටයුතු කළා. ග්‍රේටා ගර්විග්ගේ අධ්‍යක්ෂණයෙන් සහ Margot Robbieගේ දැක්මෙන් හැඩ වූ මෙම සිනමාපටය ඩොලර් බිලියන 1.4 කට වඩා උපයමින් ලෝක සිනමා ඉතිහාසයේ දැවැන්තම ආදායම් වාර්තා අතරට එක් වුණා.පසුගිය වසර කිහිපය පුරාම ලැබූ දැවැන්ත සාර්ථකත්වය හේතුවෙන් Margot Robbieමේ දිනවල හොලිවුඩයේ වඩාත්ම බලපෑම් සහගත සහ ඉහළම ආදායමක් ලබන නිළියක බවට පත්ව සිටී. ඇයගේ නිෂ්පාදන සමාගම හරහා ඉදිරියේදී පැමිණීමට නියමිත නවතම සිනමා ව්‍යාපෘති කිහිපයක් පිළිබඳවම මේ වන විට හොලිවුඩයේ දැඩි කතාබහක් නිර්මාණය වී ඇත.
පවනි දිලේකා