ලකුණු සමවීමෙන් පසු සුපිරි ඕවරය යවා ලංකාව දකුණු අප්‍රිකාවට පරදී

ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර තරග තුනකින් සමන්විත විස්සයි20 ක්‍රිකට් තරගාවලිය
ආරම්භ කරමින් කේප් ටවුන්හි නිව්ලන්ඩ්ස් ක්‍රීඩාංගණයේදී 19

රාත්‍රී විදුලි ආලෝකය මධ්‍යයේ පැවැති පළමු විස්සයි20 තරගයේදී පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා පිල ඕවර 20 අවසානයේ කඩුලු හතක් දැවී ලකුණු 134 ක් රැස්කළේය.
අනතුරුව පිටියට පිවිසි දකුනු අප්‍රිකානු කණ්ඩායම සිය ඕවර 20 අවසානයේ සම ලකුණු ලබමින් 134 ක් රැස් කිරීම නිසා සුපිරි ඕවර වටය ඇරමුණ අතර දකුණු අප්‍රිකාව තවත් ඕවරයක් ක්‍රීඩා කර එහිදී ලකුණු 14 ක් රැස් කරද්දී ශ්‍රී ලංකාව වෙනුවෙන් පිටියට පිවිසි අවිෂ්ක ප්‍රනාන්දු හා තිසර පෙරේරාට ලබාගත හැකිවූයේ ලකුනු 3 ක් හා අතිරේක ලකුණු 2 ක් එකතුව 5 ක් පමණි. තරගය දකුනු අප්‍රිකාව ජයගන්නා ලදි.


Previous Post Next Post