රත්ගම ඝාතන වලට සැකපිට දකුණු පළාත් විශේෂ විමර්ශන ඒකකයේ හිටපු ස්ථානාධිපති අත්අඩංගුවට

රත්ගම තරුණයන් දෙදෙනාගේ ඝාතනය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන
රහස් පොලිස්
කණ්ඩායම දකුණු පළාත් විශේෂ විමර්ශන ඒකකයේ හිටපු ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සමන් රෝහණ රත්නායක මහතා අද සවස අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පැවසීය.
සිද්ධිය සම්බන්දයෙන් මේ වන විට එම ඒකකයේ නිලධාරීන් සිව් දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.
 අත්අඩංගුවට ගැනුණු පොලිස් කොස්තාපල්වරයා සහ අඩවි වන නිලධාරියා ලබන 13වනදා දක්වා අද (04) රක්ෂිත බන්ධනාගාර ගත කොට තිබේ.


Previous Post Next Post