මධූෂ් ඇතුළු පිරිස අල් රෆා පොලිසියට


ඩුබායිහි හෝටලයකදී
අත්අඩංගුවට ගත් පාතාල
නායක මාකඳුරේ මදූෂ් ඇතුළු පිරිස ඩුබායි හි අල් රෆා පොලිසියට ගෙනැවිත් ඩුබායි හි පිහිටි අබිහිල් අල්මුල්ලා ප්ලාසාහි සිර මැදිරියක රදවා පරීක්ෂණ ආරම්භ කර ඇතැයි ආරංචි මාර්ග කියයි.
 එම පිරිසේ රුධිර සාම්පල ගෙන විමර්ශනයට යොමු කර ඇතැයි ද, එම වාර්තා මෙතෙක් ලැබී නැතැයි ද දැනගන්නට ඇත. රුධිර වර්තාවල තහනම් මත්ද්‍රව්‍ය ඇතැයි අනාවරණය වුවහොත් එරට නීතිය අනුව කටයුතු කරනු ඇතැයි පොලිසියේ ප්‍රකාශකයෙක් පැවසීය.
අඩුඩාබි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ද මේ සම්බන්ධයෙන් සොයා බලමින් සිටින බව ද දැනගන්නට තිබේ.
ඉහත පළවන්නේ මධුෂ් ඇතුළු පිරිස ඩුබායි පොලිස් සිර මැදිරියක රඳවා සිටින අයුරු යැයි පැවසෙන ඡායාරූපයකි.
Previous Post Next Post