Sinhala Edition English Edition
Facebook Official Fanpage Google+ Official Page Official Twitter Account Rss Feed

Latest News

Advertisement

මෙරට පළමු පෙළ ක‍්‍රිකට් තරග ඉතිහාසයේ නව වාර්තාවක් බිහි කිරීමට ශ‍්‍රී ලංකාවේ ඇන්ජලෝ පෙරේරා සමත් වී තිබෙනවා. ඒ, එකම තරගයක් තුළ ද්විත්ව ශතක 02ක් වාර්තා කළ ශ‍්‍රී ලංකාවේ පළමු ක‍්‍රීඩකයා බවට පත්වෙමිනි.

ඔහු මෙම දස්කම
දැක්වූයේ ප‍්‍රිමියර් ලීග් ක‍්‍රිකට් තරගාවලියේ ඒ කාණ්ඩයේ සුපිරි 08 වටයේ පැවති තරගයකදීයි.

එන් සී සී කණ්ඩායමේ නායකයා ද වන ඇන්ජලෝ පෙරේරා එස් එස් සී කණ්ඩායමට එරෙහිව මෙම දස්කම දක්වා තිබේ. ඔහු දැක්වූ මෙම දක්ෂතාව ලෝක පළමු පෙළ ක‍්‍රිකට් තරග ඉතිහාසයේ වාර්තා පොත් අතරට ද එක්ව තිබේ. ඒ, ඒ, එකම තරගයක් තුළ ද්විත්ව ශතක 02ක් වාර්තා කළ ලොව දෙවන ක‍්‍රීඩකයා බවට පත්වෙමිනි.

එස් එස් සී කණ්ඩායම සමඟ පැවැත්වෙන තරගයේ දී පළමු ඉණිම වෙනුවෙන් ඇන්ජලෝ පෙරේරා ලකුණු 201ක් රැස් කළා. සිය දෙවන ඉණිම වෙනුවෙන් ඔහු අද (03) දිනයේ ද ලකුණු 231ක් රැස් කිරීමට සමත් විය.










Gossip Lanka Previous News

තවත් පුවත්

Advertisement