Sinhala Edition English Edition
Facebook Official Fanpage Google+ Official Page Official Twitter Account Rss Feed

Latest News

Advertisement



 මෝටර් වාහන සඳහා වන කාබන් බද්ද ලබන වසරේ ජනවාරී සිට අය කරන බවත්, විදුලියෙන් ක්‍රියාත්මක වාහන සඳහා එය අදාළ නොවන බවත් මුදල් රාජ්‍ය අමාත්‍ය ඉරාන් වික්‍රමරත්න මහතා ඊයේ (25)දා
පාර්ලිමේන්තුවේදී සඳහන් කළේය.


මුදල් පනත් කෙටුම්පත පිළිබඳ දෙවැනි වර විවාදය ආරම්භ කරමින් ඇමතිවරයා මේ බව කීවේය.  මුදල් පනත අනුව 2018දී බදු නීති හයක් සදහා ප්‍රතිපාදන පනවා තිබෙනවා, සංචාරක බදු අනුව වාර්ෂික පිරිවැය මිලියන 12ක පිරිවැටුපක් සහිත සංචාරක ආයතන සදහා බද්දක් ක්‍රියාත්මකයි.

කොටස් හුවමාරු බද්ද ඉවත් කළා. මෝටර් රථ ආනයනයේදී සුඛෝපභෝගී වාහන බද්ද ලෙස බද්දක් හඳුන්වා දෙනවා, මන්දිර බද්ද අහෝසි කෙරෙනවා. සුඛෝපභෝගී හා අධි සුඛෝපභෝගී ලෙස පැවැති බද්ද එක බද්දක් ලෙස සංශෝධනය කිරීමට කටයුතු කරනවා. වාහන හිමිකම් අය බද්ද හා සමාගම් ලියාපදිංචි බද්ද එන්ටප්‍රයිස් ශ්‍රී ලංකා වැඩසටහන යටතේ ඉදිරිපත් කරනවා.
මෝටර් රථ කාබන් බද්ද 2019 ජනවාරීයේ සිට අය කරනවා. විදුලියෙන් ධාවනය වන වාහන මෙයට අයත් වෙන්නේ නැහැ.  ඒ වගේ දුරකථන කුලුනු බදත් ලබන වසරේ සිට ක්‍රියාත්මක කරනවා” යැයි අමාත්‍යවරයා සඳහන් කළේය.









Gossip Lanka Previous News

තවත් පුවත්

Advertisement