වහා පාර්ලිමේන්තුව කැඳවන්න- ඇමෙරිකාව ජනපතිගෙන් ඉල්ලයි



ඉතා ඉක්මනින් පාර්ලිමේන්තුව නැවත කැඳවන ලෙස ඉල්ලා ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව විසින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත ලිපියක් නිකුත් කර තිබේ.රට තුල පවතින
වත්මන් දේශපාලන තත්ත්වය සම්බන්ධයෙන්  මෙම නිවේදනය නිකුත් කර ඇත.
ප්‍රජාතන්ත්‍රවාදීව පත් වු ජනතා

නියෝජිතයින්ට රට තුල තම වගකීම් ඉටු කිරිමට අවස්ථාව සලසා දෙන ලෙසත් එහි සඳහන් කර තිබේ.
එමෙන්ම සෑම පක්ෂිකයෙකුම මෙම අවස්ථාවේදි සාමකාමීව වැඩකටයුතු සිදු කරන ලෙසටත් එම ලිපියෙන් ඉල්ලිමක් කර ඇත.
ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තු ප්‍රකාශිකා හෙදර් නොර්ට් විසින් නිකුත් කර තිබෙන එම නිවේදනය පහත පරිදිය.

Previous Post Next Post