
ඛනිජ තෙල් නීතිගත සංස්ථා පරිශ්‍රය තුළ ඊයේ(28) සවස සිදුවූ වෙඩි තැබීමෙන් දෙදෙනකු බරපතල තුවාල සහිතව එක් අයෙකුට සුළුඅ තුවාල සහිතව ඊයේ රෝහලට ඇතුළත් කෙරුණ අතර පැය කිහිපයකින් එක්
අයෙකු මියගියේය. අද උදෑසන වාර්තාවන්නේ බරපතල තුවාල ලද අනෙක් සේවකයාද මියගිය බවයි.
තුවාල ලද අනිත් සේවතකයා තවමත් ප්‍රතිකාර ලබන බව පොලීසිය පැවසීය.
මුලින් මියගිය අය කුරුණෑගල පදිංචි 34 හැවිරිදි ආර් ඒ රාජපක්ෂ ලෙස හඳුනාගෙන ඇත.
බරපතල තුවාල ලබා මියගය දෙදෙනාගෙන් එක් අයෙකුගේ පපුවටත් අනෙක්අයගේ උදරයටත් දැඩි තුවාල සිදුවූ බව වාර්තා විය.
හිටපු අමාත්‍ය අර්ජුන රණතුංග මහතා ඛනිජතෙල් සංස්ථාවට ඊයේ ගිය අවස්ථාවේ ඇතිවූ නොසන්සුන්කාරී තත්වයක් මත ඔහුගේ ආරක්ෂකයින් මෙම වෙඩි තැබීම සිදුකර තිබුනි.
අර්ජුන රණතුංග විදෙස්ගතවී සිටියදි ආණ්ඩු පෙරලිය සිදුව තිබූ අතර ඔහුට රජය ලබාදී තිබූ කොලොන්නාව නිලනිවසේ යතුර කාර්යාලයේ තබා තිබීම මත ඔහු ලංකාවට ආ විගස යතුර හා තවත් ලිපි ලේඛන රැගෙන ඒමට කාර්යාලයට ගොස් තිබූ අවස්තාවක මෙම ගැටුම ඇති විය.
සිද්ධියෙන්
Tags:
Trending