මම තාම අගමැති - රනිල්

අගමැති ලෙස මහින්ද රාජපක්ෂ දිවුරුම් දීමෙන් පසු අද සිදුවූ දේශපාලන පෙරළිය ගැන එජාපයේ මතය මේ
වනවිට ප්‍රකාශ වෙමින් පවතී.

බීබීසී වාර්තාකරු අසාම් අමීන් සිය ට්විටර් ගිණුම මගින් මේ ගැන යාවත්කාල කිරීම් සිදු කර ඇත.
තමා තවමත් ව්‍යවස්ථානුකූලව අගමැතිවරයා බව රනිල් වික්‍රමසිංහ නිවුස් ෆර්ස්ට් අමතා  ප්‍රකාශ කළ බව එහි දැක්වේ.
මේ අතර මෙම ක්‍රියාව ප්‍රජාතන්ත්‍රවිරෝධී බවත් ඒ ආකාරයට අගමැතිවරයෙකු පත් කළ නොහැකි යයි මංගල සමරවීර ඇමතිවරයා පවසා ඇත.
ඇමති නීතීඥ අජිත් පි. පෙරේරාද මේ ආකාරයට රනිල් ඉවත් කළ නොහැකි යයි දක්වා ඇත.

Previous Post Next Post